Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව්හිදි සහ බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත සීමිත ඕවර තරගාවලි සඳහා 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (16 වැනිදා) නම්කරනු ලැබූ නමුත් ජේ්‍ෂ්ඨ ක්‍රීඩකයෝ 7 දෙනෙක් එම තරගාවලියන්ගෙන් ඉවත්වී සිටිති.
මෙම තරගාවලියන්ගෙන් ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ඉවත්වීමට නියමිත බව දැනගත් ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය තවත් ක්‍රීඩකයන් 6 දෙනෙකු එම මූලික සංචිතයට එක් කළේය. ඔවුන් සංචිතයට එක්කර දින කිහිපයකට පසුව පැට් කමින්ස්, ග්ලෙන් මැක්ස්වෙල්, ඩේවිඩ් වෝනර්, ස්ටීව් ස්මිත්, මාකස් ස්ටොයිනිස්, ජේයි රිචඩ්සන් සහ කේන් රිචඩ්සන් එළඹෙන සංචාර වලින් ඉවත් වන බව සනාථ කළහ.
“මේ අවස්ථාවේ දී සියලුම ක්‍රීඩකයින් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට එක් නොවීම ගැන අපි කණගාටුවට පත්වෙනවා. කෙසේ වෙතත් මෙම සංචාරයෙන් ඉවත් වූ අයගේ තීරණවලට ජාතික තේරීම් කමිටුව ගරු කරනවා” යැයි තේරීම් කමිටු ප්‍රධානී ටේරවර් හෝන්ස් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
වැලමිටේ ආබාධයක් හේතුවෙන් ස්ටීවන් ස්මිත් ඉවත් වී ඇති අතර අනෙක් හයදෙනා විවිධ හේතූන් මත ඉහත සංචාර දෙක සඳහා තමන් නොසලකා හරින ලෙස ඉල්ලා සිටි බව ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සටහන් විය.
”වැලමිට ආබාධයක් හේතුවෙන් ස්ටීවන් ස්මිත් තෝරා ගැනීමට නොහැකි වුණා. ඒත් දැන් ඔහුට ලෝක කුසලාන හා අළු බඳුන තරගාවලියට පෙර සුවය ලබා ගැනීමට මෙම කාලය යොදා ගැනීමට පුලුවන්” යයි හොන්ස් මහතා වැඩිදුරටත් පැවසීය.
ඕස්ට්‍රේලියානු සංචිතය:
ඒරන් ෆින්ච් (නායක), ඇෂ්ටන් ආගර්, වෙස් ආගාර්, ජේසන් බෙරන්ඩෝෆ්, ඇලෙක්ස් කේරි, ඩෑන් ක්‍රිස්ටියන්, ජොෂ් හේස්ල්වුඩ්, මොයිසස් හෙන්රික්ස්, මිචෙල් මාෂ්, බෙන් මැක්ඩර්මොට්, රිලී මෙරඩිත්, ජොෂ් ෆිලිප්, මිචෙල් ස්ටාර්ක්, මිචෙල් ස්වෙප්සන්, ඇෂ්ටන් ටර්නර්, ඇන්ඩෘ ටේ, මැතිව් වේඩ් සහ ඇඩම් සම්පා.
අතිරේක ක්‍රීඩකයෝ
නේතන් එලිස්, තන්වීර් සංඝා
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.