Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සාන්ත තෝමසුවෝ කඩුලු 6 කට 207 යි

සාන්ත තෝමසුවෝ කඩුලු 6 කට 207 යි

editorial - 2022 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 143 වැනි ‘නිල් මහ සටන’ මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (21 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි සාන්ත තෝමසුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 207 ක් ලබා සිටියහ.

සාන්ත තෝමස් විදුහලට සාර්ථක ආරම්භයක් ලබාදුන් සේනාධි බුලන්කුලම (18) සහ ජනිඳු අබේගුණවර්ධන (28) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. කෙසේ වුවත් පිට පිට ඕවර 2 කදී ඔවුන් දෙදෙනා ක්‍රීඩාගාරයට හරවා යැවූ රමිරු පෙරේරා සහ දසිස් මංචනායක සාන්ත තෝමස් ඉනිම ලකුණු 53 කට කඩුලු 2 ක් බවට පත් කළහ.

වරෙක ලකුණු 80 කට කඩුලු 2 ක් ලෙස සටහන් වූ සාන්ත තෝමස් ලකුණු පුවරුව ඕවර 5 ක් ඇතුළත ලකුණු 84 කට කඩුලු 5 ක් බවට පත් කිරීමට ගිෂාන් බාලසූරිය සහ සදිෂ රාජපක්ෂ සමත් වූහ. ලකුණු 12 ක් ලබා සිටි දිනෙත් ගුණවර්ධන දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට සදිෂ සමත් වීමත් සමග සාන්ත තෝමස් විදුහලේ කඩ‍ාවැටීමට ආරම්භ විය.

කෙසේ වුවත් ඉන් අනතුරුව පිටයේ එක් වූ සෙනෙෂ් හෙට්ටිආරච්චි (55) සහ චාරුක පීරිස් (නොදැවී 51) හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සාන්ත තෝමස් ඉනිමට නව ජවයක් එක් කළහ. එහිදී සෙනෙෂ්ගේ අර්ධ ශතකය හතරේ පහර 7 කින්ද, චාරුකගේ අර්ධ ශතකය හතරේ පහර 5 කින්ද සමන්විත විය.

රුමිරු පෙරේරාගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උ‍ඩ පන්දුවක් දෙමින් සෙනෙෂ් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. පළමු දිනය නිමාවට පත්වන විට චාරුක ‍සමගින් මලිත් පෙරේරා (නොදැවී 11) කඩුල්ලේ රැදී සිටි අතර ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව සාන්ත තෝමස් ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 29 කි.

සාන්ත තෝමස් පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 6 කට 207

(සේනාධි බුලන්කුලම 18, ජනිඳු අබේගුණවර්ධන 28, රයන් ප්‍රනාන්දු 18, සෙනෙෂ් හෙට්ටිආරච්චි 55, චාරුක පීරිස් නොදැවී 51, ගිෂාන් බාලසූරිය 52/2, රුමිරු පෙරේරා 36/2)

 


අදහස් (0)

සාන්ත තෝමසුවෝ කඩුලු 6 කට 207 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.