Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්ටාර්ක් යළිත් අයි.පී.එල්. තරග බිමට?

ස්ටාර්ක් යළිත් අයි.පී.එල්. තරග බිමට?

editorial - 2022 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 
මෙම වසරේදී (2022) පැවැත්වීමට නියමිත ඉන්දිය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසිය සඳහා තම නම ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව  ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන කී‍්‍රඩක මිචෙල් ස්ටාක් පවසයි.

අවසන් වරට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරමින් අයි.පී.එල්. තරගාවලියට සහභාගි වූ ස්ටාක් තරග අයි.පී.එල්. තරග 27 කදී බිඳහෙළා ඇති කඩුලූ සංඛ්‍යාව 34 කි. කෙසේ වුවත් 2015 වසරේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව කී‍්‍රඩා කළ තරගයෙන් පසුව මේ දක්වාම ඔහු අයි.පී.එල්. තරගයකට කී‍්‍රඩා කර නොමැත.

මෙම වසරේ  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර විස්සයි-20 තරග රටාවට පෙරහරුවක් ලබාගැනිම සඳහා අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීමට තමා බලාපොරොත්තු වන බවද එහිදී ස්ටාක් වැඩි දුරටත් කියා සිටියේය.

”ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි සකස් කරගැනීමට මට තව දවස් දෙකක් විතර යනවා. අවසන් ටෙස්ට් තරගයේ පුහුණුවීම්වලට කලින් එය ලබාගත හැකියි. ඒත් මම තවම මගේ නම කී‍්‍රඩක වෙන්දේසියට ඇතුළත් කර නැහැ. ඉදිරි දින කිහිපයේදී මට තව ඒ ගැන හිතන්න තියෙනවා. යැයි ස්ටාක් පැවසීය.

”මම අවුරුදු 6 කින් අයි.පී.එල්. තරගාවලියට කී‍්‍රඩා කරලා නැහැ. ඒත් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඉදිරියේදී විස්සයි-20 තරග රටාවට වැඩි බරක් යෙදවීමට සිදුවීම නිසා මට හිතෙනවා මේ අවුරුද්දෙ අයි.පී.එල්. තරගාවලියට සහභාගි වුණොත් හොඳයි කියලා. ඒ නිසා ඒකට අවශ්‍ය ලියකියවිලි සකස් කරලා තියාගන්න එක කෝටත් හොඳයි කියලා මට හිතෙනවා.” යැයිද ස්ටාක් සඳහන් කළේය.

මෙම වසරේ අයි.පී.එල්. කී‍්‍රඩක වෙන්දේසිය පෙබරවාරි මස 12 සහ 13 යන දිනවල බැංගලෝර්හිදී පැවැත්වීමට නියමිත බව තරගාවලි සංවිධාන කමිටුවේ සභාපති බි‍්‍රජේෂ් පටේල් මහතා ඉකුත්දා නිල වශයෙන් නිවේදනය කළේය.

-036

 


අදහස් (0)

ස්ටාර්ක් යළිත් අයි.පී.එල්. තරග බිමට?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.