Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාරුජන්ට ශතකය මඟහැරෙයි

ශාරුජන්ට ශතකය මඟහැරෙයි

editorial - 2023 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොළඹ වෙස්ලි විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ‘කාට්මන් කුසලාන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (17 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි වෙස්ලි විදුහල කඩුලු 3 ක් දැවී ලකුණු 112 ක් ලබා සිටියේය.

ඒ අනුව පළමු දිනය අවසානයේ වෙස්ලි විදුහල කඩුලු 7 ක් අතැතිව ශාන්ත බෙනඩික්ට් විදුහලට වඩා තවත් ලකුණු 186 ක් පසුපසින් සිටි අතර ඒ වන විට උවින් පෙරේරා නොදැවී ලකුණු 55 ක්ද, අනුග පැහැසර නොදැවී ලකුණු 29 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. හෙට (18 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත බෙනඩික්ට් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 298 ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා වෙස්ලි විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය. ඒ වන විට ශාරුජන් ශම්මුගනාදන් නොදැවී ලකුණු 98 ක් ලබා සිටියද, ඉනිම අත්හිටුවීම හේතුවෙන් ඔහුට ශතකයක් ලබාගැනීමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය. 

එහිදී බෙනඩික්ට් පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා ශාරුජන්ට අනගි සහායක් දුන් විදුනෙත් විල්සන් (73) සහ ෂෙරෝන් කන්නංගර (68) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. 

ශාන්ත බෙනඩික්ට් විදුහල් පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලු 7 කට 298 
(ශාරුජන් ශම්මුගනාදන් නොදැවී 98, විදුනෙත් විල්සන් 73, ෂෙරෝන් කන්නංගර 68, ශාකේෂ් මිනන් 99/3, රවිඳු සිගේරා 79/2) 

වෙස්ලි විදුහල් පළමු ඉනිම - ඕවර 32.1 කදී කඩුලු 3 කට 112
(උවින් පෙරේරා නොදැවී 55, අනුග පැහැසර නොදැවී 29, සනිතු අමරසිංහ 23)


අදහස් (0)

ශාරුජන්ට ශතකය මඟහැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.