Last Update  :  2024-03-28 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් පිලට ඩයලොග් අනුග්‍රහය

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් පිලට ඩයලොග් අනුග්‍රහය

editorial - 2022 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ‘නිල අනුග්‍රාහකයා’ ලෙස ඩයලොග් ආසියාටා සමාගම ඉදිරිපත් වී සිටී. මෙම තරගාවලිය අද (14 වැනිදා) සිට පෙබරවාරි මස 05 වැනිදා දක්වා පැවැත්වේ.

‘ඩී‘ කාණ්ඩයෙන් තරගවදින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම, මූලික වටයේදී ඕස්ට්‍රේලියාව, ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමඟ තරගවැදීමට නියමිතය. ශ්‍රී ලංකා යොවුන් පිල සහ ස්කොට්ලන්ත යොවුන් පිල අතර තරගය අද පැවැත්වේ.

ඩයලොග් සමාගම 2013 වසරේ සිට අඛණ්ඩව වසර 8 ක් තිස්සේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ද නිල අනුග්‍රාහකයා වශයෙන් කටයුතු කරයි.

- 213


අදහස් (0)

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් පිලට ඩයලොග් අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.