Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කාර්ය බහුල මාස 4 ක්

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කාර්ය බහුල මාස 4 ක්

editorial - 2021 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට මේ වසරේ ඉදිරි මාස හතරක කාලය තුළ කාර්යබහුල කාලසටහනක් සකස් වී තිබේ. මේ වනවිට තරගාවලි තුනක් ස්ථිර වී ඇති අතර තවමත් දින නියම වී නැත්තේ එල්.පී.එල්. තරගාවලියට පමණි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධානතම තරගාවලිය වන ‘ලෝක කුසලාන සුපර් ලීග්’ එක්දින  තරගාවලිය යටතේ පැවැත්වෙන එක්දින තරග 3 ක් සඳහා කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් නව තරුණ කණ්ඩායමක් මේ මස 16 වැනිදා බංග්ලාදේශයට යාමට නියමිතය.

විස්සයි20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි 12 වැනිදා එංගලන්තය බලා පියාසර කරනු ඇත. එළඹෙන විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමක් ලෙස පළමුවෙන් විස්සයි20 තරගාවලි පැවැත්වෙනු ඇත. විස්සයි20 තරගාවලියෙන් පසුව එංගලන්තයට එරෙහිව එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිත අතර එම තරගාවලිය ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියට අදාළ තරග වෙයි.

එංගලන්ත සංචාරය අවසන් වූ විගසම පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමගින් තරගාවලියට පෙර ජෛව ආරක්‍ෂිත බුබුලක රැඳී සිටිමට නියමිතය. අනතුරුව ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේ තරග 3 ක් පැවැත්වේ. ඉන් අනතුරුව තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලියක්ද පැවැත්වේ.

දෙවැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉන්දීය සංචාරයෙන් පසුව පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා දින වකවානු තවමත් තීරණය කර නොමැත. එහෙත් එය ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.


ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාලසටහන
ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය
මැයි 23 - පළමු එක්දින තරගය, ඩකාහිදී
මැයි 25 - දෙවැනි එක්දින තරගය, ඩකාහිදී
මැයි 28 - තෙවැනි එක්දින තරගය, ඩකාහිදී

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය
ජුනි 23 - පළමු විස්සයි20 තරගය, කාර්ඩිෆ්හිදී
ජුනි 24 - දෙවැනි විස්සයි20 තරගය, කාර්ඩිෆ්හිදී
ජුනි 26 - තෙවැනි විස්සයි20 තරගය, සදම්ප්ටන්හිදී

ජුනි 29 - පළමු එක්දින තරගය, ඩර්හැම්හිදී
ජූලි 01 - දෙවැනි එක්දින තරගය, ලන්ඩන්හිදී
ජූලි 04 - තෙවැනි එක්දින තරගය, බි්‍රස්ටල්හිදී

 

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය
ජූලි 13 - පළමු එක්දින තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ජූලි 16 - දෙවැනි එක්දින තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ජූලි 19 - තෙවැනි එක්දින තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

ජූලි 22 - පළමු විස්සයි20 තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ජූලි 24 - දෙවැනි විස්සයි20 තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ජූලි 27 - තෙවැනි විස්සයි20 තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

- 2079

 


අදහස් (1)

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කාර්ය බහුල මාස 4 ක්
  • Sambo Thursday, 13 May 2021 02:22 PM

    අනේ පව්...!!!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.