Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විස්සයි-20 ලෝක කුසලාන සැලසුම එහෙමමයි

විස්සයි-20 ලෝක කුසලාන සැලසුම එහෙමමයි

editorial - 2021 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් එන්න එන්නම වැඩිවන නමුත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් රහසේ සඟවාගෙන සිටින දෙවැනි සැලැස්ම එළිකිරීමේ අවශ්‍යතාවක් තවමත් නැතැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව කියයි. මේ වසරට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කෙරෙන බවද අන්තර්ජාතික ක්‍රිකට් සභාව කියයි.

ඊයේ (ඉරිදා) වන විට ඉන්දියාවෙන් වාර්තාවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ගිය අතර එය මේ දක්වා දිනයකදී වාර්තාවී ඇති ඉහළම කොරෝනා රෝගීන් සංඛ්‍යාවයි. ඉන්දියාවෙන් වාර්තා වන සම්පූර්ණ කොරෝනා රෝගීන් සංඛ්‍යාවෙන් 70% ක පමණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහාරාෂ්ඨ්‍ර, චැටිස්ග්‍රා, කර්ණාටක, උත්තර් ප්‍රදේශ් සහ කේරළ යන ප්‍රාන්ත වලිනි. ඒවා අතුරින්ද රෝගීන් 48.57% ක් වාර්තා වන්නේ මහාරාෂ්ඨ්‍රයෙනි.

මේ වන විට ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වූ රටවල් අතුරින් දෙවැනි ස්ථානය ඉන්දියාවට හිමිවී තිබේ. මියගිය සංඛ්‍යාව 1,70,209 කි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් මහතා පවසන්නේ ලෝක කුසලාන තරගාවලියට තවත් මාස 06 ක පමණ කාලයක් තිබෙන බැවින් කලබල වීමට තරම දෙයක් තවමත් සිදුවී නැති බවයි.

“තරගාවලිය සැලසුම් කළ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යා හැකි බව අනුමාන කරමින් අපි ඉදිරියට යනවා. ඒත් මේ වන විට ලෝකයේ හැමතැනම තියෙන ක්‍රිකට් තරගාවලි වලින් අපි යම් යම් දේ ඉගෙන ගනිමින් ඉන්නවා” යයිද ඇලර්ඩිස් මහතා වැඩිදුරටත් පැවසීය.

“අපට විකල්ප සැලසුම් තියෙනවා... අවශ්‍ය වුණොත් ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්.... ඒත් අපි තවමත් ඒ කිට්ටුවටවත් ඇවිල්ලා නෑ. තත්ත්වය ගැන නිසි තක්සේරුවකට එන්නත්, ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට පවත්වාගෙන යන්නේ කොහොමද කියලා බලන්නත්, අපිට ඕනෑතරම් කාලය තියෙනවා” යයිද වැඩ බලන විධායක නිලධාරියා පැවසීය.

කණ්ඩායම් 8 ක් සහභාගි වන අයි.පී.එල්. තරගාවලිය පසුගිය සිකුරාදා ආරම්භ වූ අතර ලෝකය පුරා විචාරකයන්ගේ උපකල්පනය වන්නේ මෙවර අයි.පී.එල්. තරගාවලිය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ පෙරදැක්මක් බවයි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිර්දේශය වන්නේ සෑම ක්‍රිකට් ක්‍රීඩකයකුම කොරෝනා මර්ධන එන්නත ලබාගත යුතු බවයි. එහෙත් කොරෝනා මර්ධන එන්නත් දීමේ ප්‍රතිපත්ති රට රටවලට අනුව වෙනස් වන බැවින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ඒ සඳහා මැදිහත්වීමක් කළ නොහැකිය.

ක්‍රිකට් ක්‍රීඩකයන් දිගින් දිගටම “ජෛව ආරක්‍ෂක බුබුළු” වල සිරවී සිටීම සම්බන්ධයෙන්ද අන්තර්ජාතික ක්‍රිකට් සභාව දැඩි අවධානය යොමුකර තිබේ. මෙම “ජෛව ආරක්‍ෂක බුබුළු” තුළ සිරවී සිටීම දිගු කලක් දරාගත නොහැකි බවද ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි පසුගියදා අනතුරු අඟවා තිබිණ.

“නිසැකවම විවිධ රටවල කොරෝනා එන්නත් ලබා දීමේ ක්‍රියාවලියට අපේ ඉදිරිගමන වෙනස් කළ හැකියි” කී ඇලර්ඩිස් මහතා වසංගතයේ බලපෑම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාමත් අහිතකර ලෙසින් බලපා ඇති බවද කීවේය.


- 213

 


අදහස් (0)

විස්සයි-20 ලෝක කුසලාන සැලසුම එහෙමමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.