Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජකීයයෝ ලකුණු 341 ක් ඉදිරියෙන්

රාජකීයයෝ ලකුණු 341 ක් ඉදිරියෙන්

editorial - 2023 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 144 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (17 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි රාජකීය විදුහල කඩුලු 4 ක් දැවී ලකුණු 168 ක් ලබා සිටියේය. 
 
ඒ අනුව දෙවැනි දිනය නිමාවට පත්වන විට රාජකීයයෝ තවත් කඩුලු 6 ක් ඇතැතිව ලකුණු 341 ක් ඉදිරියෙන් සිටි අතර ඒ වන විට කඩුල්ලේ රැදී සිටි රමිරු පෙරේරා පන්දු 34 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 46 ක්ද, සවිඳු සෙනරත්ආරච්චි නොදැවී ලකුණු 11 ක්ද ලබා සිටියහ. හෙට (18 වැනිදා) තරගයේ අවසන් දිනයයි.  

පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් නායක දසිස් මංචනායක හතරේ පහර 6 ක් සමග ලකුණු 57 ක්ද, උවිඳු වීරසේකර හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 28 ක්ද රැස්කරමින් රාජකීය දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. දෙවැනි ඉනිමේදී බිඳ වැටුණ කඩුලු 4 ටම හිමිකම් කියනු ලැබුවේ  සාන්ත තෝමස් වේග පන්දු යවන ක්‍රීඩක අකාෂ් ප්‍රනාන්දු විසිනි. 

පළමු දිනය වූ ඊයේ (16 වැනිද) තරගය නිමාවට පත්වන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 326 ක් ලබා සිටි රාජකීයයෝ, අද දිනයේදී ඉනිම අත්හිටුවමින් සාන්ත තෝමස් විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළහ. කෙසේ වුවත් රාජකීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ තෝමසුවන්ට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 153 ක් පමණි.
 
එහිදී බුලන් වීරතුංග ලකුණු 26 කට කඩුලු 3 ක් බිඳහෙළු අතර සිනෙත් ජයවර්ධවන, රනුක මලවිආරච්චි සහ සන්දේෂ් රාමනායක කඩුලු 2 බැගින් දවාගනිමින් සාන්ත තෝමස් පළමු ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා බුලන්ට අනගි සහායක් දුන්හ. සාන්ත තෝමස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු සේනාධි බුලන්කුලම ලකුණු 40 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. 

රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 74 කදී කඩුලු 8 ක් දැවී 326 

සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 55 කදී සියලු දෙනා දැවී 153
(සේනාධි බුලන්කුලම 40, මහිත් පෙරේරා 30, නේදන් කල්දේරා 20, බුලන් වීරතුංග 26/3, සිනෙත් ජයවර්ධවන 09/2, රනුක මලවිආරච්චි 35/2, සන්දේෂ් රාමනායක 36/2) 

රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 26 කදී කඩුලු 4 ක් දැවී 168
(දසිස් මංචනායක 57, උවිඳු වීරසේකර 28, රමිරු පෙරේරා නොදැවී 46, ආකාෂ් ප්‍රනාන්දු 42/4) 


අදහස් (0)

රාජකීයයෝ ලකුණු 341 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.