Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යොවුන් ක්‍රීඩිකාවන්ට ඛේදජනක පරාජයක්

යොවුන් ක්‍රීඩිකාවන්ට ඛේදජනක පරාජයක්

editorial - 2023 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

වයස 19 න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ පළමු කාණ්ඩය යටතේ ඊයේ (21 වැනිදා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය යොවුන් කාන්තා කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 60 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවෝ, ඕවර 7.2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. නායිකා සෞම්‍යා තිවාරි පන්දු 15 කදී හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 28 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට පාර්ශවී චෝප්රා ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 59 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ පාර්ශවී ලකුණු 5 කට කඩුලු 4 ක් බිඳහෙළුවාය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ නායිකා විෂ්මි ගුණරත්න පන්දු 28 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක් රැස්කළ අතර පිතිකාරිණියන් 8 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යෑම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් විය.


ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 59
(විෂ්මි ගුණරත්න 25, උමායා රත්නායක 13, පාර්ශවී චෝප්රා 05/4, මන්නත් කාශ්‍යප් 16/2)
 
ඉන්දීය යොවුන් කාන්තා පිල - ඕවර 7.2 කදී කඩුලු 3 කට 60
(ශෆාලි වෙර්මා 15, ශ්වේතා ශෙරාවත් 13, සෞම්‍යා තිවාරි නොදැවී 28, දෙව්මි විහන්ගා 34/3)

-036

 


අදහස් (1)

යොවුන් ක්‍රීඩිකාවන්ට ඛේදජනක පරාජයක්
  • sam Monday, 23 January 2023 11:21 AM

    මේ අයත් මහ උදවිය වගේමයි.. ගිය තැන පරාදයි... අනේ ඔයිට වැඩිය හොඳයි නිකන් හිටියා නම්... අවුරුදු 100ක් ක්‍රිකට් ගැහුවත් ඕක තමයි අවසාන ප්‍රතිඵලය...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.