Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මූඩි - මුරලිදරන් ශ්‍රී ලංකාවේ

මූඩි - මුරලිදරන් ශ්‍රී ලංකාවේ

editorial - 2021 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට සේවය සැයපූ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දග පන්දු යවන්නා වන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහ ක්‍රිකට් අධ්‍යක්‍ෂක ටොම් මූඩි මහතා ආරක්ෂිතව ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව වාර්තා වේ. මුරලිදරන් මහතා පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, මේ වන විට ඔහු හෝටලයකදී දින 7 ක නිරෝධායනයට ලක්වී සිටින බව ඔහුගේ බිරිඳ මදි මලර් මුරලිදරන් මහත්මිය විදෙස් මාධ්‍යයකට ප්‍රකාශකර ඇත.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මුත්තයියා මුරලිදරන් මහතා කටයුතු කළේය. ටොම් මූඩි මහතා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේය.

ක්‍රීඩකයන් ඇතුළු 6 දෙනෙකුට කොරෝනා වයිරසය වැළඳීමත් සමගින් පසුගිය සතියේදී අයි.පී.එල්. තරගාවලිය අත්හිටුවීමට තීරණය කිරීමත් සමග ඔහු දිල්ලියේ සිට චෙන්නායි නුවර හරහා ශ්‍රී ලංකාවට පැමිණි බව මදිමලර් මුරලිදරන් මහත්මිය පවසා ඇත.

මෙවර අයි.පී.එල් තරගාවලිය අතරතුර දී මුරලිදරන් මහතාගේ හෘදනාළ තුනක් අවහිර වීම නිසා ඒවාට ස්ටෙන්ට් යොදන සැත්කමකටද මුහුණ දුන්නේය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ටොම් මූඩි මහතාද, මුරලිදරන් පැමිණි ගුවන් යානයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
 
ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවීමට පෙර ඔවුන් දෙදෙනා පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට පැමිණි බව සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි.


- 2079

 


අදහස් (0)

මූඩි - මුරලිදරන් ශ්‍රී ලංකාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.