Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බැංගලෝර් පිලට කඩුලු 2ක තියුණු ජයක්

බැංගලෝර් පිලට කඩුලු 2ක තියුණු ජයක්

editorial - 2021 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඒ.බී.ඩිවිලියර්ස්ගේ (48) පිතිහරඹයත්, හර්ෂල් පතෙල්ගේ (27/5) දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් චෙන්නායි හිදී ඊයේ (9 වැනිදා) පැවැති පළමු තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව කඩුලු 2ක ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 160 ඉලක්කයක් හඹාගිය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ ඒ.බී.ඩිවිලියර්ස් පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 48 ක් රැස්කරමින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ජයග්‍රණය කරා රැගෙන යාමට සමත්විය.

ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 39 ක් ලබාගත් අතර විරාට් කෝලී පන්දු 29 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 33 ක් ලබාගත්තේය.

ජස්ප්‍රීට් බුම්රා ලකුණු 26 කට කඩුලු 2 ක් සහ මාර්කෝ ජැන්සන් ලකුණු 28 කට කඩුලු 2 ක් දවාගනිම්න් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කාසියේ වාසිය දිනූ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල පළමුව පන්දුවට පහරදිම සඳහා මුම්බායි ඉන්දියන්ස් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 159 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ.

ක්‍රිස් ලින් පන්දු 49 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 49 ක් රැස්කරමින් මුම්බායි ඉන්දියන්ස් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර සූර්යකුමාර් යාදව් ලකුණු 31 ක් සහ ඉෂාන් කිෂාන් ලකුණු 28 ක් ලබාගත්තේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ හර්ෂල් පතෙල් සිය ඕවර 4 ලකුණු 27 කට සීමාකරමින් කඩුලු 5 ක් දවාගනීමට සමත්විය. හර්ෂල් පතෙල් යවන ලද මුම්බායි පිලේ අවසන් ඕවරය එක් ලකුණකට පමණක් සීමාකරමින් කඩුලු 4 ක් දවාගත්තේය. දුවද්දී දැවීයාමක් ඊට අයත්වේ.


මුම්බායි ඉන්දියන්ස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 159
(ක්‍රිස් ලින් 49, සූර්යකුමාර් යාදව් 31, ඉෂාන් කිෂාන් 28, හර්ෂල් පතෙල් 27/5)

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 160
(විරාට් කෝලී 33, ග්ලෙන් මැක්ස්වෙල් 39, ඒ.බී.ඩිවිලියර්ස් 48, ජස්ප්‍රීට් බුම්රා 26/2 , මාර්කෝ ජැන්සන් 28/2)

 

(ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ් අඩවිය අනුග්‍රහයෙනි)

- 2079

 


අදහස් (0)

බැංගලෝර් පිලට කඩුලු 2ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.