Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානු ක්‍රිකට් මුල් පුටුව රමීස් රාජාට

පාකිස්තානු ක්‍රිකට් මුල් පුටුව රමීස් රාජාට

editorial - 2021 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හිටපු පකිස්ථානු නායකයකු මෙන්ම 1992 ලෝක කුසලාන දිනගත් කණ්ඩායමේ සාමාජිකයකු ද වන රමීස් රාජා මහතා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ (පී.සී.බී) 36 වන සභාපතිවරයා ලෙස ඊයේ (13 වැනිදා) වැඩ භාරගත්තේය.

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ නිලවරණ කොමසාරිස්, විනිසුරු (විශ්‍රාමික) ෂෙයික් අස්මාත් සයිඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ රැස්වීමකදී වසර තුනක ධුර කාලයක් සඳහා ඒකමතිකව හා නිතරගයෙන් රමීස් රාජා මහතා තේරී පත් විය.

1992 එක්දින ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ නායක ඉම්රාන් ඛාන් (පාකිස්තානයේ වත්මන් අගමැති) සහ අසාද් අලි ඛාන් යන මහත්වරුන් විසින් රමීස් රාජා මහතා එම තනතුර සඳහා නම් කරන ලදහ. ඔවුන් සමඟ ආසිම් වජිඩ් ජාවඩ්, ආලියා සෆර්, අරිෆ් සයීඩ්, ජාවෙඩ් කුරීෂි (සියලු දෙනාම ස්වාධීන සාමාජිකයින්) සහ වසීම් ඛාන් (පී.සී.බී. ප්‍රධාන විධායක) යන මහත්වරුන් එක්වූහ.

මීට පෙර 2003-04 කාලයේදී කෙටි සමයකට පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස රමීස් රාජා මහතා කටයුතු කළ අතර එහි සභාපති ලෙස ෂාරියාර් ඛාන් මහතා කටයුතු කළේය.

“මා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීම ගැන ඔබ සියළු දෙනාටම ස්තූතිවන්ත වන අතර පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව අඛණ්ඩව වර්ධනය කිරීමට සහ පිටියේදී මෙන්ම පිටියෙන් පිටතදීද ශක්තිමත් කිරීම සඳහා ඔබ සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා” යැයි රමීස් රාජා මහතා පැවසීය.

“පාකිස්තානය ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර වඩාත් බිය ජනක ජාතියක් බවට පත් කිරීමේ සංස්කෘතිය, ඊට මනස සකස් කිරීම, ආකල්පය හා ප්‍රවේශය පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට හඳුන්වා දීමට උදවු කිරීම මගේ අවධානය යොමු කරන එක් ප්‍රධාන අරමුණක්. සංවිධානයක් වශයෙන් අපි සියලු දෙනාම ජාතික කණ්ඩායමට සහයෝගය දෙමින් දෙන්න ඕනා” යැයි නව සභාපතිවරයා පැවසීය.

“හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වශයෙන් මගේ අනෙක් ප්‍රමුඛතාවය වනුයේ අපේ අතීත සහ වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සුභසාධනය සොයා බැලීමයි” යයිද රමීස් රාජා මහතා පැවසීය.

1984 සිට 1997 දක්වා පාකිස්තානය නියෝජනය කළ රමීස් රාජා මහතා ටෙස්ට් තරග 57 කට සහ එක්දින තරග 198 කට ක්‍රීඩා කර ලකුණු 8674 ක් රැස් කළේය. ඔහු ටෙස්ට් තරඟ පහකදී සහ එක්දින තරඟ 22 කදී පාකිස්ථාන කණ්ඩායම මෙහෙයවීමේ භාග්‍යයද ලබා ඇත.


- 2079

 


අදහස් (0)

පාකිස්තානු ක්‍රිකට් මුල් පුටුව රමීස් රාජාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.