Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රමෝද්‍යගේ තේරීම් කමිටුවට ඇමති අනුමැතිය

ප්‍රමෝද්‍යගේ තේරීම් කමිටුවට ඇමති අනුමැතිය

editorial - 2021 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

---------------------
ශානුක අරවින්ද
---------------------

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබේ. යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රමුඛ ජාතික තේරීම් කමිටුව විසින් මෙම තේරීම් කමිටුව නම්කරන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් යවන ලද නිර්දේශ අනුවය.

මෙම තේරීම් කමිටුව තෝරාගෙන මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ගියද ඒ වෙනුවෙන් ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය හිමිවීම දිගින් දිගටම කල් ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදීත් තේරීම් කමිටු නිලධාරියා වශයෙන් කටයුතු කරන ලද්දේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාය. 1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුත් නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සාමාජිකයන් 6 දෙනකුගෙන් සමන්විත වේ.

රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, එස්.එච්. යූ. (උවයිසුල්) කර්නයින් යන මහත්වරු සහ තිලකා නිල්මිණී මහත්මිය ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

ජාතික පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් වලට මෙන්ම ‘ඒ’ කණාඩායම්, නැඟී එන කණ්ඩායම් සහ වයස 19 න් පහළ කණ්ඩායම් සඳහාද ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම මෙම තේරීම් කමිටුව මගින් සිදුකෙරෙනු ඇත.

 


අදහස් (1)

ප්‍රමෝද්‍යගේ තේරීම් කමිටුවට ඇමති අනුමැතිය
  • Shantha Thursday, 08 April 2021 08:54 PM

    ප්‍රමෝද්‍ය කියන්නේ අර්ජුනගේ වතුර බෝතල් සැපයුම්කරු...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.