Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දුලිප්ගේ ඕමාන කණ්ඩායම නම්කරයි

දුලිප්ගේ ඕමාන කණ්ඩායම නම්කරයි

editorial - 2021 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර පැවැත්වෙන අයි.සී.සී විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරක දරන ඕමානය, ලෝක කුසලාන තරඟාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතය නිකුත් කර තිබේ. ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සීෂාන් මක්සූඞ් ඕමාන කණ්ඩායමේ නායකයා ලෙස පත්කර ඇත.

ඕමාන කණ්ඩායමේ පුහුණුකරුවා වන්නේ ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයකු, පුහුණුකරුවකු, කළමණාකරුවකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාද වන දුලිප් මෙන්ඩිස් මහතාය.

මීට වසර දෙකකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී විශිෂ්ඨතා දැක්වූ එම පළපුරුදු කණ්ඩායමම මෙම තරගාවලියටද නම් කර ඇත. සාර්ථක සුදුසුකම් ලැබීමේ තරගාවලියකින් පසුව කණ්ඩායමේ 11 දෙනා සඳහා, අයාන් ඛාන්, නෙස්ටර් දම්බා, කුරාම් ඛාන් සහ සුෆියාන් මෙහෙමුඞ් ලෝක කුසලානයට කැඳවීම් ලැබූහ.

අයාන් ඛාන් සහ නෙස්ටර් දම්බා ඕමානය සඳහා නව මුහුණුවරකින් යුත් දඟ පන්දු සංයුතියක් ගෙනෙන අතර, පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකවතු වන කවාර් අලි පිතිකරණ අනුපිළිවෙලෙහි ඉහළින්ම සිටින විශ්වාසවන්තම ක්‍රීඩකයෙකි. සුෆියාන් වසර 6 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියක් තුළ විස්සයි 20 තරග 4 ක් පමණක් ක්‍රීඩා කරමින් ජාතික කණ්ඩායමේ රැඳී සිටින්නේය.

ඕමානය පළමු වරට 2016 වසරේදී ඉන්දියාවේ පැවැති විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී පළමු වරට ක්‍රීඩාවේ ඉහළම ජාත්‍යන්තර තරගාවලියකට එක්විය.


ඕමාන් සංචිතය:
සීෂාන් මක්සූඩ් (නායක), අකිබ් ඉල්යාස්, ජතින්දර් සිං, කවාර් අලි, මොහොමඞ් නදීම්, අයාන් ඛාන්, සුරාජ් කුමාර්, සන්දීප් ගෞඩ්, නෙස්ටර් දම්බා, කාලිමුල්ලා, බිලාල් ඛාන්, නසීම් කුෂි, සුෆියාන් මෙහ්මූඩ්, ෆයියාස් බට්, කුරාම් ඛාන්.

- 2079


අදහස් (0)

දුලිප්ගේ ඕමාන කණ්ඩායම නම්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.