Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අපි‍්‍රකාව 2-1 කින් ඉන්දියාව පරදවයි
කේප්ටවුන් ටෙස්ට් තරගය

දකුණු අපි‍්‍රකාව 2-1 කින් ඉන්දියාව පරදවයි

editorial - 2022 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව කේප් ටවුන්හි නිව්ලෑන්ඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලූ 7 ක ජයක් වාර්තා කිරීමට දකුණු අපි‍්‍රකාව අද (14 වැනිදා) සමත් විය. මෙම ජයගත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමටද දකුණු අපි‍්‍රකානුවෝ සමත් වූහ.

මෙම පරාජයත් සමග ඉන්දියාව ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයට පත්ව සිටියි. ටෙස්ට් තරගාවලි 3 කදී තරග 9 කට සහභාගි වී ඇති ඉන්දියාව ඉන් තරග 4 ක් ජයගෙන, 3 ක් පරාජයට පත්ව සෙසු තරග 2 ජය පැරදුමෙන් අවසන් කරගෙන තිබේ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 212 ක ඉලක්කයක් හඹාගිය දකුණු අපි‍්‍රකාව කඩුලූ 3 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පළමු ඉනිමේදී ලකුණු 72 ක් රැස්කළ කීගන් පීටර්සන්, දෙවැනි ඉනිමේදීද හතරේ පහර 10 ක් සමග ලකුණු 82 ක් රැස්කරමින් දකුණු අපි‍්‍රකානු ජයග‍්‍රහණය ඉක්මන් කළේය.

නායක ඞීන් එල්ගා (30) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනැගූ පීටර්සන්, ඉන් නොනැවතී රාසි වැන්ඩර් ඩසන් (නොදැවි 41) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග‍්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය.

පීටර්සන්ගේ දැවී යෑමෙන් අනතුරුව ටෙම්බා බවුමා (නොදැවී 32) සමග එක්වූ වැන්ඩර් ඩසන් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අපි‍්‍රකානු කන්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කළේය. ඩසන් හතරේ පහර 3 ක් සමගද, බවුමා හතරේ පහර 5 ක් සමගද ලකුණු රැස්කළහ.

දකුණු අපි‍්‍රකානු දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස මොහොමඞ් සාමිගේ පන්දුවක් හමුවේ ලෝකේෂ් රාහුල් අතට උඩ පන්දුවක් දෙමින් ඒඞ්න් මාක‍්‍රම් ලකුණු 16 කට දැවී ගියේය. ජස්පී‍්‍රට් බුම්රාගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින කී‍්‍රඩක රිෂාබ් පාන්ට් අතට උඩ පන්දුවක් දෙමින් ඞීන් එල්ගා දැවී ගිය අතර පීටර්සන් දැවී ගියේ ශර්ධුල් ඨාකූර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.


ඉන්දීය පළමු ඉනිම - සියලූ දෙනා දැවී 223
දකුණු අපි‍්‍රකානු පළමු ඉනිම - සියලූ දෙනා දැවී 210
ඉන්දීය දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 198
දකුණු අපි‍්‍රකානු දෙවැනි ඉනිම - කඩුලූ 3 ක් දැවී 212

(ඒඞ්න් මාක‍්‍රම් 16, ඞීන් එල්ගා 30, කීගන් පීටර්සන් 82, රාසි වැන්ඩර් ඩසන් නොදැවී 41, ටෙම්බා බවුමා නොදැවී 32)

 

- 036


අදහස් (0)

දකුණු අපි‍්‍රකාව 2-1 කින් ඉන්දියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.