Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ දකුණ පිල පෙරමුණ ගනී

කොළඹ දකුණ පිල පෙරමුණ ගනී

editorial - 2022 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

‘ප්‍රීමා කුසලාන’ වයස 15 න් පහළ ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 4 ක් අවසානයේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොළඹ දකුණ කණ්ඩායම සමත්ව සිටියි. මේ දක්වා තරග 2 කට සහභාගි වූ කොළඹ දකුණ කණ්ඩායම, ලකුණු සටහනේ පෙරමුණට පැමිණ ඇත්තේ එම තරග 2 ම ජයගෙන ලකුණු 6 ක් ලබා ගනිමිනි.

මූලික වටයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 7 ක ජයක් ලැබූ කොළඹ දකුණ ක්‍රීඩකයෝ, මහනුවර කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 112 ක පහසු ජයක් ලැබූහ. හෙට (24 වැනිදා) කොළඹ උතුර කණ්ඩායමට එරෙහිවද, අනිද්දා (25 වැනිදා) දඹුල්ල කණ්ඩායමට එරෙහිවද කොළඹ දකුණ කණ්ඩායම තරග වැදීමට නියමිතය.
 
මෙතෙක් සහභාගි වූ එකම තරගය ජයගත් කොළඹ උතුර කණ්ඩායම ලකුණු 2 ක් ලබා ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර සහභාගි වූ තරග දෙකෙන් එකක් ජයගෙන සෙසු තරගය පරාජයට පත්වූ මහනුවර කණ්ඩායම ලකුණු 2 ක් ලබා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්ව සිටියි.

කොළඹ උතුර, කොළඹ දකුණ, ගාල්ල, මහනුවර සහ දඹුල්ල යන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ඉකුත් 21 වැනිදා ආරම්භ වූ අතර එළබෙන 29 වැනිදා දක්වා කොළඹ වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී සහ රත්මලාන ජනසතු සේවා ක්‍රීඩංගණයේදී පැවැත්වෙනු ඇත.

ප්‍රීමා සමාගමේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා දිවයිනේ සියලුම පළාත් නියෝජනය වන පරිදි වයස 15 න් පහළ ක්‍රීඩකයන් තෝරාගෙන ඇතැයි තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.

මෙවර තරගාවලියේදී කොළඹ උතුර කණ්ඩායම කිත්ම විදානපතිරණ විසින්ද, කොළඹ දකුණ කණ්ඩායම රෙෂාන් පීරිස් විසින්ද, මහනුවර කණ්ඩායම සෙත්මික සෙනෙවිරත්න විසින්ද, ගාල්ල කණ්ඩායම විරාන් චමුදිත විසින්ද, දඹුල්ල කණ්ඩායම පබසර දිසානායක විසින්ද මෙහෙයවනු ලබති.


මෙතෙක් පැවැති තරගවල ප්‍රතිඵල
මහනුවර පිලට කඩුලු 2 ක ජයක්
දඹුල්ල පිල - ඕවර 49 කදී සියලු දෙනා දැවී 191
මහනුවර පිල - ඕවර 44.1 කදී කඩුලු 8 ක් දැවී 195


කොළඹ දකුණ පිලට කඩුලු 7 ක ජයක්
ගාල්ල පිල - ඕවර 25.5 කදී සියලු දෙනා දැවී 66
කොළඹ දකුණ - ඕවර 16 කදී කඩුලු 3 ක් දැවී 70


කොළඹ උතුර පිලට ලකුණු 12 ක ජයක්
කොළඹ උතුර පිල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 150
ගාල්ල - ඕවර 46.3 කදී සියලු දෙනා දැවී 138


කොළඹ දකුණ පිලට ලකුණු 112 ක ජයක්
කොළඹ දකුණ - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 206
මහනුවර පිල - ඕවර 25.2 කදී සියලු දෙනා දැවී 94

 


අදහස් (0)

කොළඹ දකුණ පිල පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.