Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අන්තර් සමාජ අවසන් තරගය හෙට

අන්තර් සමාජ අවසන් තරගය හෙට

editorial - 2022 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය වන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (2 වැනිදා) කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙයි. ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා සිටිති.

පසුගිය සෙනසුරාදා පැවැති අවසන් පූර්ව තරග දෙකකින් එකක් වූ ද්‍රවිඩ සංගමය සහ සී.සී.සී. පිල අතර තරගය, තණතීරුවේ පැවැති අයහපත් තත්ත්වය නිසා අතර මග නතර කරන ලදි. පසුව එම තරගය ඉරිදා (31 වැනිදා) එස්.එස්.සී. පිටියේදී පැවැත්විණ. එහිදී සී.සී.සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 16 ක ජයක් ලබමින් ද්‍රවිඩ සංගම් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට පිවිසියහ.

කොළඹ එන්.සී.සී. පිටියේදී සෙනසුරාදා පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ලකුණු 123 ක ජයක් ලබාගත් යුද හමුදා ක්‍රීඩා සමාජය අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේය.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය වෙනුවෙන් සධීර සමරවික්‍රම, නවෝද් පරණවිතාන, ඉසුරු උදාන සහ ජෙෆ්රි වැන්ඩසේ ක්‍රීඩා කරති.

තිසර පෙරේරා නායකත්වය දරන යුද හමුදා පිල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, සීකුගේ ප්‍රසන්න සහ මහීෂ් තීක්‍ෂණ ක්‍රීඩා කරති.

- 213


අදහස් (0)

අන්තර් සමාජ අවසන් තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.