Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී සුමංගල විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

ශ්‍රී සුමංගල විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2021 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ දෙවැනි කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කැලණිය ශ්‍රී සුමංගල විදුහල අද (24 වැනිදා) සමත් විය.

රාගම බැසිලිකා ක‍්‍රීඩංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව තරගයේදී බණ්ඩාරවෙල ශාන්ත ජොෂප් විදුහලට එරෙහිව ලකුණු 146 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් සුමංගල විදුහල තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියේය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 226 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත ජොෂප් විදුහල් කණ්ඩායම  ඕවර 29 ක් අවසානයේ ලකුණු 79 කට සීමා කිරීමට මොහොමඞ් ෆර්ෂාඞ් (21/4) ප‍්‍රමුඛ සුමංගල විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් සුමංගල විදුහල  ඕවර 39 අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 225 ක් ලබා ගත්තේය. එහිදී චමුදිත ලක්ෂාන් ලකුණු 50 ක්ද, පසන් දේවින්ද ලකුණු 48 ක්ද, කවිඳු මතීෂ ලකුණු 39 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


ශ්‍රී සුමංගල විදුහල -  ඕවර 39 කදී සියලූ දෙනා දැවී 225
(චමුදිත ලක්ෂාන් 50, පසන් දේවින්ද 48, කවිඳු මතීෂ 39, කවිඳු මධුෂාන් 24, යසිරු රුවන්ත 18/3, තරුෂ නිර්මාල් 20/2)

ශාන්ත ජෝෂප් විදුහල -  ඕවර 29 කදී සියලූ දෙනා දැවී 79
(මොහොමඞ් ෆර්ෂාඞ් 21/4, කවිඳු මධුෂාන් 14/2, චලන අවිෂ්ක 16/2)

-036

 


අදහස් (0)

ශ්‍රී සුමංගල විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.