Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාව බී කාණ්ඩයෙන් තරග බිමට
ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය

ශ්‍රී ලංකාව බී කාණ්ඩයෙන් තරග බිමට

editorial - 2023 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මෙම වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිට සුදුසුකම් ලබාගැනීම සඳහා සිම්බාබ්වේහිදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. ඕමානය, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ‘බී’ කාණ්ඩය යටතේ තරග වදින සෙසු රටවල් වෙති.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය ජූනි මස 19 වැනිදා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට එරෙහිව කුවීන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එම තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ජූනි මස 13 සහ 15 යන දිනවලදී නෙදර්ලන්තයට සහ ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව පෙරහුරු තරග දෙකකට ක්‍රීඩා කිරීමටද නියමිතය.

රවටල් 10 ක් සහභාගිවන මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජූනි මස 18 වැනිදා සිට ජූලි මස 9 වැනිදා දක්වා පැවැත්වෙන අතර බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ, නෙදර්ලන්තය, නේපාලය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් ‘ඒ’ කාණ්ඩය යටතේ ඊට එක්ව සිටිති. මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තම කාණ්ඩයට ඇතුළත් සෙසු කණ්ඩායම් 4 ට එරෙහිව තරග වදිනු ඇත.

මූලික වටය අවසානයේ කාණ්ඩ දෙකේ ඉහළම දස්කම් දක්වන කණ්ඩායම් 3 බැගින් සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබන අතර ඔවුන් සුපිරි 6 දෙනාගේ වටයට පැමිණෙන්නේ මූලික වටයේදී ලබාගත් ලකුණුද රැගෙනය. එහිදී ඔවුන්ට අනෙක් කාණ්ඩයෙන් සුපිරි 6 දෙනාගේ වටයට පිවිසි කණ්ඩායම් 3 ට එරෙහිව තරග වැදීමට සිදුවනු ඇත.

සුපිරි 6 දෙනාගේ වටයේ තරග අවසන් වන විට ලකුණු සටහනේ ඉහළින්ම රැදී සිටින කණ්ඩායම් දෙක තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන අතරම එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහාද සුදුසුකම් ලබනු ඇත. එංගලන්තය, නවසීලන්තය, ඕස්ටේ්‍රලියාව, ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය යන රටවල් මේ වන විටත් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා සිටිති.


ශ්‍රී ලංකාව සහභාගිවන පෙරහුරු තරග
ජූනි මස 13 - නෙදර්ලන්තයට එරෙහිව - කුවීන්ස් ක්‍රීඩාංගණයේදී
ජූනි මස 15 - ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව - බුලවායෝ ක්‍රීඩාංගණයේදී

ශ්‍රී ලංකාව සහභාගිවන මූලික වටයේ තරග
ජූනි මස 19 - එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට එරෙහිව - කුවීන්ස් ක්‍රීඩාංගණයේදී
ජූනි මස 23 - ඕමානයට එරෙහිව - කුවීන්ස් ක්‍රීඩාංගණයේදී
ජූනි මස 25 - අයර්ලන්තයට එරෙහිව - කුවීන්ස් ක්‍රීඩාංගණයේදී
ජූනි මස 27 - ස්කොට්ලන්තයට එරෙහිව - කුවීන්ස් ක්‍රීඩාංගණයේදී

 


අදහස් (0)

ශ්‍රී ලංකාව බී කාණ්ඩයෙන් තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.