Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වේල්ස් කුමරුවෝ ලකුණු 201 ක් පසුපසින්

වේල්ස් කුමරුවෝ ලකුණු 201 ක් පසුපසින්

editorial - 2022 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන 71 වැනි ‘රන් මහ සටන’ වාර්ෂික මහ කි‍්‍රකට් තරගයේ පළමු දිනය (14 වැනිදා) නිමාවට පත්වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි වේල්ස් කුමර විදුහල කඩුලූ 3 ක් දැවී ලකුණු 53 ක් ලබා සිටියේය.

ඒ අනුව වේල්ස් කුමරුවෝ කඩුලූ 7 ක් ඇතැතිව ශාන්ත සෙබස්තියන් විදුහලට වඩා තවත් ලකුණු 201 ක් පසුපසින් සිටිති. පළමු දිනය නිමාවන විට ආරම්භක පිතිකරු සුමල්ක ප‍්‍රනාන්දු පන්දු 37 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 14 ක් ලබා කඩුල්ලේ රැඳී සිටි අතර අනෙක් අන්තයේ රැඳී සිටි නායක දිනුර ප‍්‍රනාන්දු ලකුණු ලබා සිටියේ නැත.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විදුහල  ඕවර 68.5 ක් අවසානයේ සියලූ දෙනා දැවී සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 254 ක් ලබා ගත්තේය. එහිදී සෙබස්තියන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සන්දේෂ් ප‍්‍රනාන්දු පන්දු 80 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 66 ක් රැස්කළේය.

යෂාන් අවිෂ්ක (30) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 89 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සන්දේෂ් සමත් විය. පන්දු 54 කදී වාර්තා වූ යෂාන්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර නායක සුඛිත ප‍්‍රසන්න පන්දු 45 කින් ලකුණු 41 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි.

වේල්ස් කුමර විදුහලේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ සුමල්ක ප‍්‍රනාන්දු  ඕවර 11.5 ක් යවමින් ලකුණු 39 කට කඩුලූ 5 ක් බිඳහෙළීමට සමත් විය. ශාන්ත සෙබස්තියන් පිතිකරුවන් පීඩනයට පත් කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් අචල පෙරේරා ලකුණු 70 කට කඩුලූ 2 ක් දවාගත්තේය.

ශාන්ත සෙබස්තියන් පළමු ඉනිම -  ඕවර 68.5 කදී සියලූ දෙනා දැවී 254
(සසිඳු ප‍්‍රාර්ථන 19, බිහඟ මෙන්ඩිස් 19, යෂාන් අවිෂ්ක 30, සන්දේෂ් ප‍්‍රනාන්දු 66, සුඛිත ප‍්‍රසන්න 41, සෙනිත් ප‍්‍රනන්දු 31, කලන සංදීප් 21, සුමල්ක ප‍්‍රනාන්දු 39/5, අචල පෙරේරා 70/2)

වේල්ස් කුමර පළමු ඉනිම -  ඕවර 15 කදී කඩුලූ 3 ක් දැවී 53
(තරිඳු අමරසිංහ 16, සුමල්ක ප‍්‍රනාන්දු නොදැවී 14, ඔමේෂ් මෙන්ඩිස් 19)

 


අදහස් (0)

වේල්ස් කුමරුවෝ ලකුණු 201 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.