Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සුනිල සංග්‍රාමයේ ජය දේවානන්දයට තිළිණ කරයි

සුනිල සංග්‍රාමයේ ජය දේවානන්දයට තිළිණ කරයි

editorial - 2022 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

 

අම්බලන්ගොඩ ධර්මාශෝක හා දේවානන්ද විද්‍යාලය අතර  පැවති 53 වැනි සුනිල සංග්‍රාම ක්‍රිකට් තරගයේ ජය දේවානන්ද විද්‍යාලයට පිරිනැමීමට ධර්මාශෝක විදුහල් විදුහල්පතිනි සනුජා ජයවික්‍රම මහත්මිය පියවර ගත්තාය .

ජයග්‍රහණය දෙවිදුහලටම දෝලනය වෙමින් තිබියදී පන්දුවට පහර දෙන දේවානන්ද විදුහලට  ජය ලබා ගැනීම සදහා  කඩලු 3ක් අතැතිව ලකුණු 13ක් ලබා ගැනීමට  තිබිණ. මෙම අවස්ථාවේදී  ධර්මාශෝක විදුහල් ක්‍රීඩකයින් පිටියේ කඩලු උදුරාගෙන දිවයාමෙන් තරගය අතරමග නතර කරන ලදි. එහෙත් තම විද්‍යාලයේම ක්‍රීඩකයන් කළ නොමනා ක්‍රියාවට දඩුවමක් වශයෙන් තරගයේ ජයග්‍රහණය දේවානන්ද විද්‍යාලයට පිරිනැමීමට ධර්මාශෝක විදුහල් විදුහල්පතිනි සනුජා ජයවික්‍රම මහත්මිය පියවර ගත්තාය .

ඒ අනුව දේවානන්ද විද්‍යාලය වසර 56කට  පසුව සුනිල සංග්‍රාම ජය ලැබිය. මෙම ජයග්‍රහණය දේවානන්ද විද්‍යාලය තරගාවලි ඉතිහාසයේදී ලබාගත් දෙවැනි ජයග්‍රහණයයි. දේවානන්ද විද්‍යාලය අවසන් වරට මහ තරගයක් ජය ගෙන තිබුනේ 1966 වසරේදීය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය අතර අම්බලන්ගොඩ නගර සභා පිටියේදී පසුගිය සෙනසුරාදා සහ ඉරිදා (23-24) දිනවල මෙම තරගය පැවැත්විණ. දෙවැනි දිනයේ අවසාන කාල පරිච්චේදයවූ සන්ධ්‍යා භාගයේදී නගර සභා පිටිය පුංචි යුද බිමක ආකාරයක් ගත්තේය .

තරගය නතර කිරීමට තවත් ඕවර හතරක් හෝ පහක් යැවීමට තිබිණ. දේවානන්ද ජයග්‍රහණය වෙනුවෙන් ලබාගත යුතුව තිබුණේ ලකුණු 13 ක් පමණි. කඩුලු 3 ක් අතැතිව තිබිණ.

අඳුර ගලා එමින් තිබුණ නමුත් දේවානන්ද ක්‍රීඩකයෝ ජයග්‍රහණය කරා යමින් සිටියහ.

දේවානන්ද විද්‍යාලයේ හත් වැනි කඩුල්ල බිඳ වැටීමත් සමගම පන්දු රකිමින් සිටි ධර්මාශෝක විදුහල් ක්‍රීඩකයින් පිටියේ කඩුලු උදුරා දිවයාමත් සමගම දෙවිදුහලේම ආදී සිසුහු පිටියට කඩා වැදුණහ. පොලිසියත්  පිටියට පැමිණ තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළ නමුත් පිටිය තුල ඉතා උණුසුම් තත්වයක් නිර්මාණය වෙමින් තිබිණ .

තත්ත්වය හොදින් නිරීක්ෂණය කරමින්, පැහැදිලි නිගමනයකට ආ ධර්මාශෝක විදුහල්පතිනි සනුජා ජයවික්‍රම මහත්මිය දේවානන්ද විද්‍යාලයට ජයග්‍රාහනය ලබාදෙන බව පැවසීමත් සමගම පිටියේ පවතී උණුසුම් තත්ත්වය පහව ගියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ධර්මාශෝක විද්‍යාලය සියලුදෙනා දැවී ලකුණු 204 ක් ලබාගත්තේය. දේවානන්ද විද්‍යාලය ඕවර 47.5 කදී සියලු දෙනා දැවී ලකුණු 314ක් ලබාගත්තේ වේගවත් පිතිහරඹයක නිරත වූ  කාංචන දසිල්වා පන්දු 58 කදී 6 පහර 5ක් හා 4 පහර 12ක් සමග ලකුණු 98ක් ලබාගත් බැවිනි.

කවිශ කල්පන(64) සහ ලසිදු ලක්ෂාන් (55) දෙදෙනාගෙන් කාංචනට හොඳ සහයෝගයක් ලැබිණ.

මුල් ඉනිමේදී ලකුණු 110 ක අවාසියකට මුහුණ දුන්ධර්මාශෝක විද්‍යාලය දෙවැනි ඉනිමේදී ලබාගත්තේ ලකුණු 207 කි. තරගය අතර මග නතර කරන විට දී දේවානන්දය කඩලු 7ක් දැවී ලකුණු 85ක් ලබා සිටියේය.

 

පළමු ඉනිම ඕවර 43.1කදී සියලුදෙනා දැවී 204
(නවින් රසංග 55,සෙනිත හැලබගේ 42 ,හසිත රාජපක්ෂ 33,මලින්ත මෙන්ඩිස් 22,හසිදු ප්‍රබෝද 50/4 ,වනිත් ද සිල්වා 56/4 )

දේවානන්ද විද්‍යාලය පළමු ඉනිම ඕවර 47.5 කදී සියලුදෙනා දැවී 314
( කාංචන ද සිල්වා 98,කවිශ කල්පන 64,ලසිදු ලක්ෂාන් 55 ,මිතිල ප්‍රනාන්දු 23,මලින්ත මෙන්ඩිස් 37/3,මනිෂ රශ්මික 68/3 ,සෙනිත හලබගේ 74/2 )

ධර්මාශෝක විද්‍යාලය දෙවැනි ඉනිම ඕවර 57.3 කදී  සියලුදෙනා දැවී 207
(මනිෂ රශ්මික 48,සෙනිත හැලබගේ 43, චානක ජනංග 32, කවිශ කල්පනා 27/3,වනිත් ද සිල්වා 69/3,මිතිල ප්‍රනාන්දු 9/2 )

දේවානන්ද විද්‍යාලය දෙවැනි ඉනිම තරගය අතර මග නතර කරන විට කඩලු 7ක් දැවී ලකුණු 85 යි
(ඉරුෂ ආකාශ 36,රනුෂ ද සිල්වා 19,මනිෂ රශ්මික 44/3,ඉශාන් අනුරාධ 17/3 )

 

 


අදහස් (0)

සුනිල සංග්‍රාමයේ ජය දේවානන්දයට තිළිණ කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.