Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සී.එම්.එස්. ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට එති

සී.එම්.එස්. ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට එති

editorial - 2023 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් II කොටසේ ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ජයවර්ධනපුර සී.එම්.එස්. විදුහල සමත් විය.

ගම්පහ බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී බණ්ඩාරනායක විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් සී.එම්.එස්. ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.

ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය සී.එම්.එස්. ක්‍රීඩකයෝ, තරගය නිමාවට පත්වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 135 ක් ලබා සිටියහ. මෙම තරගයේදී බණ්ඩාරනායක විදුහල වෙනුවෙන් නිදුල ජයකොඩි (නොදැවී 69), දිනුජය හෙට්ටිආච්චි (82) සහ රූනද රාජපක්ෂ (66) ද, සී.එම්.එස්. විදුහල වෙනුවෙන් අර්ජුන් අභිෂේක් (75) ද අර්ධ ශතක ලබාගත්හ.


බණ්ඩාරනායක විදුහල් පළමු ඉනිම - ඕවර 68 කදී සියලු දෙනා දැවී 167
(නිදුල ජයකොඩි නොදැවී 69, යසිරු විජේසිංහ 22, අනුජ චමෝද් 33/3, හේෂාන් උදාර 42/3, අසිර ජයවර්ධන 41/3)

සී.එම්.එස්. විදුහල් පළමු ඉනිම - ඕවර 74.4 කදී සියලු දෙනා දැවී 241
(අර්ජුන් අභිෂේක් 75, හේෂාන් උදාර 38, බියන්ක තමීර 36, අසිර ජයවර්ධන නොදැවී 29, අෂේන් රන්දිම 26, යසිරු විජෙසිංහ 76/5)

බණ්ඩාරනායක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 36 කදී කඩුලු 7 ක් දැවී 237
(දිනුජය හෙට්ටිආච්චි 82, රූනද රාජපක්ෂ 66, කවීන් විෂ්මින 49, අර්ජුන අභිෂේක් 60/4)

සී.එම්.එස්. විදුහල් දෙවැනි ඉනිම - ඕවර 26 කදී කඩුලු 6 ක් දැවී 135
(බියන්ක තමීර 47, හේෂාන් උදාර 43, යසිරු විජෙසිංහ 36/2, මනිදු හේරත් 55/2)

 


අදහස් (0)

සී.එම්.එස්. ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.