Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket උතුරු මැද පළාතට 35-20 ක ජයක්

උතුරු මැද පළාතට 35-20 ක ජයක්

editorial - 2022 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන වයස නිපෝන් පේන්ට් කුසලාන අවුරුදු 24 න් පහළ රග්බි තරගාවලියේ තෙවැනි සතිය යටතේ සඳුදා (21 වැනිදා) පැවැති තරගයකදී මධ්‍යම පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 35-20 ජයක් වාර්තා කිරීමට උතුරු මැද පළාත් කණ්ඩායම සමත් විය. 

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-10 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටි උතුරු මැද පළාත් ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තම කණ්ඩායමට තවත් ලකුණු 23 ක් එක්කර ගත්හ. දෙවැනි අර්ධයේදී මධ්‍යම පළාත් කණ්ඩායමට රැස්කරගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි. 

තෙවැනි සතිය යටතේ ඉකුත් ඉරිදා (20 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 29-13 ක් ලෙස දකුණු පළාත පරාජය කිරීමට බස්නාහිර පළාත සමත් වූ අතර සෙනසුරාදා (19 වැනිදා) පැවැති තරගවලදී ලකුණු 62-07 ක් ලෙස පීටර්සන් කණ්ඩායම පරාජය කිරීමට සයන්ස් මෙරූන්ස් කණ්ඩායමත්, ලකුණු 86-00 ක් ලෙස ෆීල්ඩ් ෆෝස් කණ්ඩායම පරාජය කිරීමට ඕල්ඩ් වෙස්ලයිටීස් කණ්ඩායමත් සමත් වූහ. 

කණ්ඩායම් 10 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නිපෝන් පේන්ට් සමාගම කටයුතු කරන අතර අලියා සිසිල් බීම සමාගම, ප්‍රීමා සමාගම සහ වෙබෙඑක්ප්‍රේ සමාගම සම අනුග්‍රාහකයන් ලෙස තරගාවලිය සඳහා දායකත්වය සපයයි. 

තෙවැනි සතියේ තරග ප්‍රතිඵල 

  • සයන්ස් මෙරූන්ස් පිල විසින් ලකුණු 62-07 ක් ලෙස පීටර්සන් පිල පරාජය කරන ලදි. 
  • ඕල්ඩ් වෙස්ලයිටීස් පිල විසින් ලකුණු 86-00 ක් ලෙස ෆීල්ඩ් ෆෝස් පිල පරාජය කරන ලදි. 
  • බස්නාහිර පළාත විසින් ලකුණු 29-13 ක් ලෙස දකුණු පළාත පරාජය කරන ලදි. 
  • උතුරු මැද පළාත විසින් ලකුණු 35-20 ක් ලෙස මධ්‍යම පළාත පරාජය කරන ලදි. 

 


අදහස් (0)

උතුරු මැද පළාතට 35-20 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.