Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාවේ 5 ක් වැට උඩ

ඉන්දියාවේ 5 ක් වැට උඩ

editorial - 2021 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයෙන් පසුව ඉන්දියාවේ ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයන් 5 දෙනෙකු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනු ඇතැයි අනුමාන කෙරේ. ඔවුන් කොතරම් උත්සාහ කළත් ඔවුන්ගේ වයස හේතුවෙන් නැවතත් ඉන්දියානු ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වනු ඇතැයිද වාර්තා වේ. 

රිදිමන් සාහා, ශිකර් ධවාන්, ඉෂාන්ත් ෂර්මා, මුරලි විජේ සහ දිනේෂ් කාර්තික් ටෙස්ට් ක්‍රීකට් ක්‍රීඩාවෙන් සමුගනු ඇතැයි බලාපොරොත් වන ක්‍රීඩකයෝ වෙති.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සිය ස්ථානය නොකඩවා රඳවා ගැනීමට නම් තියුණු තරගයක් පෙන්නුම් කළ යුතුව තිබේ. ඔවුන් නිරතුරුවම දක්ෂතා අතර සිටියොත් මිස ඔවුන්ට කණ්ඩායමේ ඇති ස්ථානය පිළිබඳව සහතිකයක් දිය නොහැක. 

රිදිමාන් සාහා
රිදිමාන් සහා මේ වන විට නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා ඉන්දීය සංචිතය සමඟ සිටින අතර ඔහු එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග පහකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහාද තවදුරටත් සංචිතයේ රැඳී සිටිනු ඇත. කෙසේ වෙතත්, ඉන්දියාව වෙනුවෙන් කඩුලු රකින්නා ලෙස පළමු තේරීම බවට පත්ව ඇති රිෂාබ් පාන්ට්ට වඩා ඉදිරියෙන් සිටීමට ඔහුට ඇත්තේ බරපතළ අභියෝගයකි. 

මීට මාස 6 කට පෙර ඕස්ටේ්‍රලියාවට එරෙහි පැවැති පළමු ටෙස්ට් තරගයේදී සාහා ඉන්දියාව වෙනුවෙන් සිය අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කළේය. 36 හැවිරිදි ඔහු තවමත් රටේ දක්ෂතම කඩුලු රකින්නෙකු වන නමුත් ඔහු සතුව ඇති කඩුලු රැකීමේ කුසලතාවට වඩා රිෂාබ්ගේ පන්දුවට පහර දීමේ හැකියාව ඉහළය. කෙසේ වෙතත්, රිෂාබ් පාන්ට්ගේ මෑත කාලීන පිතිහරඹය නිසා ඔහුට කණ්ඩායම තුල ස්ථානයක් ලබා ගැනීමට නොහැකි වී තිබේ. 

ශිකාර් ධවාන්
ශිකාර් ධවාන් ඉන්දියාවට මෙන්ම අයි.පී.එල්. වැනි සීමිත ඕවර තරග සඳහාද විශිෂ්ට පිතිකරුවකු වන අතර මෑතදී පැවති අයි.පී.එල්. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවටද ඔහු පත්විය. නමුත් ඔහුගෙන් තරුණ ජවය ඉක්මවා යන අතර ඉන්දියානු කණ්ඩායම තුළ ඔහුට ඇති අවස්ථා මේ වනවිට නැතිවෙමින් යයි. වර්තමාන ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල් සහ මයාන්ක් අගර්වාල් ලකුණු අතර සිටීම හේතුවෙන් ඔහුට ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් සොයා ගැනීම අසීරූ වනු ඇත.

මීට වසර තුනකට පෙර, එනම් 2018 දී, එංගලන්තයට එරෙහිව අවසන් වරට ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරගයකට එක්වූ ධවාන්ගේ පිතිහරඹ රටාව වේගයෙන් වෙනස් විය. ඔහු ඉතා අසීරු ලෙස කණ්ඩායමේ රැදී සිටීමට සටන් කළ නමුත් පසුව ඉන්දීය ටෙස්ට් සංචිතයෙන් ඉවත් කරන ලදී.

ඉන්දියාවේදී ටෙස්ට් තරග ක්‍රීඩා කරන විට ඔහුගේ තත්වයන් වඩා හොඳ පෙනුමක් ඇති නමුත් ඔහුට නැවත ඉන්දීය ටෙස්ට් කණ්ඩායම සඳහා එක්වීමට අපහසු වනු ඇත. මේ වනවිට වයස අවුරුදු 35 ක් වන ඔහු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරඟයෙන් පසුව විශ්‍රාම යාම ගැන සලකා බැලිය හැකිය. 

ඉෂාන්ත් ෂර්මා
විශාල පුදුමයක් විය හැකි නමුත් සාපේක්ෂව අඩු වයසින් විශ්‍රාම ගිය වේග පන්දු යවන්නෝත් සිටිති. ඉෂාන්ත් ෂර්මාද බොහෝ ආබාධ වලට ගොදුරු වූ අයගෙන් කෙනෙකු වන අතර 32 හැවිරිදි ඔහු ඉන්දියාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට රැගෙන යාමේ එක් ප්‍රධාන සාධකයකි. 

විදේශයන්හිදී ඉන්දියාව වෙනුවෙන් දීර්ඝ පන්දු යැවීමක නිරතව සිටියදී ඔහුට වේදනාවන් දැනෙන්නට පටන් ගනී. අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය සඳහා වූ සංචිතයේ සිටින පළපුරුදුම ඉන්දීය ක්‍රීඩකයා ඉෂාන්ත් ෂර්මා වන අතර මේ වන විටත් ටෙස්ට් තරග 100 කට වඩා ක්‍රීඩා කර ඇත.

මොහොමඩ් සිරාජ් සහ උමේෂ් යාදව් වැනි තරුණ ක්‍රීඩකයන් අවස්ථා කිහිපයකදීම ඉතා හොඳින් ක්‍රීඩා කිරීමත් සමඟ, අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලියේ අවසන් තරඟයෙන් පසුව ඉෂාන්ට තම ටෙස්ට් දිවිය දිගටම පවත්වාගෙන යාම සඳහා විශාල සටනක් කිරීමට සිදුවනු ඇත. 

මුරලි විජේ
මුරලි විජේ දිගු කලක් විදෙස් සංචාර වලදී ඉන්දියාවට වැදගත් පිතිකරුවෙකු වූ නමුත් ඔහු මේ වන විට ඔහු කණ්ඩායමෙන් ප්‍රතික්ෂේපවී තිබේ. මේ වනවිට 37 හැවිරිදි වියේ පසුවන ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය දේ ලබා දීමට නොහැකි වනු ඇත. මෙවර අයි.පී.එල් තරගාවලියට පෙර ඔහු චෙන්නායි සුපර් කිංග්ස් සංචිතයෙන් නිදහස් කළ අතර ඔහු දේශීය ක්‍රිකට් තරග සඳහාද එක්වී නොමැත.

ඕස්ටේ්‍රලියාවට එරෙහි 2018 දී පැවැති ටෙස්ට් තරගාවලියේදී මුරලි විජේ අවසන් වරට ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ අතර ඔහු ලකුණු අතර නොසිටීම හේතුවෙන් සංචිතයෙන් ඉවත් කළේය. ඔහු සෑම විටම විදේශයන්හිදී පැවැත්වෙන තරග වලදී ඉන්දියාව වෙනුවෙන් හොඳ දායකත්වයක් දුන් අතර ඔහුගේ නිවැරදි පිතිකරු තාක්ෂණය සැලකිය යුතු කාලයක් සංචිතයේ රැඳී සිටීමට ඔහුට උපකාරී විය. ඔහු ටෙස්ට් තරග 61 කදී ලකුණු 3982 ක් රැස්කරමින් ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 38.80 ක රඳවාගෙන ඇති අතර ඔහු අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරඟයෙන් පසුව විශ්‍රාම ගනු ඇතැයි බලාපොරොත්තු වේ. 

දිනේෂ් කාර්තික්
දිනේෂ් කාර්තික් කඩුලු රකින්නකු සහ මැදපෙළ පිතිකරු පිතිකරුවෙකු ලෙස සිය ටෙස්ට් දිවිය ආරම්භ කළේය. නමුත් තමිල්නාඩු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඉදිරි පෙළ පිතිකරුවකු ලෙස ලකුණු රැස් කිරීම හේතුවෙන් ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉන්දීය ටෙස්ට් පිටියට නැවත කැඳවනු ලැබීය. 

ටෙස්ට් තරග 26 ක් ක්‍රීඩා කර ලකුණු 1025 ක් රැස් කළ නමුත් වත්මන් ඉන්දීය කණ්ඩායමේ තත්ත්වය අනුව එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. ඔහු දීර්ඝ කාලයක් ටෙස්ට් තරග සඳහා ක්‍රීඩා නොකළ අතර 2018 දී එංගලන්තයට එරෙහිව පැවැති තරගාවලියේදී ඔහු අවසන් වරට ටෙස්ට් තරගයකට සහභාගි විය. 

මේ වනවිට 36 හැවිරිදි ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ සිට නොමැති අතර, අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරඟයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම පිළිබඳව සලකා බැලිය යුතුය. ඔහුට සීමිත අවස්ථාවක් ඇති සීමිත ඕවර තරග කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් නැවතත් ඉන්දීය කණ්ඩායමට එක්වීමේ අරමුණින් එය කළ යුතුව ඇත.

 


අදහස් (0)

ඉන්දියාවේ 5 ක් වැට උඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.