Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අයර්ලන්ත කී‍්‍රඩකයෝ තරගාවලිය සම කරති
කොදෙව් - අයර්ලන්ත 2වැනි එක්දින තරගය

අයර්ලන්ත කී‍්‍රඩකයෝ තරගාවලිය සම කරති

editorial - 2022 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි සබීනා උද්‍යාන කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලූවිස් න්‍යායට අනුව කඩුලූ 5 ක ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම ඊයේ (13 වැනිදා) සමත් විය. මෙම ජයග‍්‍රහණයත් සමග තරග 3 කින් සමන්විත වූ එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයකට පත් කිරීමටද අයර්ලන්ත කී‍්‍රඩකයෝ සමත් වූහ.
 
වර්ෂාව හේතුවෙන් අයර්ලන්ත ඉනිම  ඕවර 36 කට සීමා වූ අතර එහිදී ජයග‍්‍රහණය සඳහා ලකුණු 168 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත කී‍්‍රඩකයෝ  ඕවර 32.2 ක් අවසානයේ කඩුලූ 5 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ හැරී ටෙක්ටර් පන්දු 75 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 54 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කළේය.

ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ විලියම් පොටර්ෆීල්ඞ් පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 26 ක්ද, පෝල් ස්ටර්ලින් පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 21 ක්ද රැස්කළහ. ඇන්ඩි මැක්බ‍්‍රයන් පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 35 ක් රැුස්කරමින් සිය කණ්ඩායමේ ජයග‍්‍රහණය සඳහා දායකත්වය දැක්වීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම  ඕවර 48 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 229 ක් ලබාගත්තේය. ලකුණු 143 කට කඩුලූ 8 ක් බිඳවැටුණ අවස්ථාවේදී පන්දු 27 කින් ලකුණු 58 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ රොමාරියෝ ශෙපර්ඩ් (50) සහ ඔඬේන් ස්මිත් (46) කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

එහිදී පන්දු 41 කට මුහුණදුන් ශෙපර්ඩ් හතරේ පහර 7 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 19 කදී වාර්තා වූ ස්මිත්ගේ ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. ශාමර් බෘක්ස් පන්දු 64 කදී ලකුණු 43 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. එහිදී ඇන්ඩි මැක්බ‍්‍රයන් ලකුණු 36 කට කඩුලූ 4 ක් බිඳහෙළීය.


බටහිර ඉන්දීය කොදෙව් පිල -  ඕවර 48 කදී සියලූ දෙනා දැවී 229
(ශායි හෝප් 17, ශාමර් බෘක්ස් 43, රොමාරියෝ ශෙපර්ඞ් 50,  ඕඬේන් ස්මිත් 46, ඇන්ඩි මැක්බ‍්‍රයන් 36/4, ක්‍රෙග් යං 42/3, ජොෂුවා ලිට්ල් 40/2)

අයර්ලන්ත පිල -  ඕවර 32.3 කදී කඩුලූ 5 ක් දැවී 168
(විලියම් පොටර්ෆීල්ඞ් 26, පෝල් ස්ටර්ලින් 21, ඇන්ඩි මැක්බ‍්‍රයන් 35, හැරී ටෙක්ටර් නොදැවී 54, අකීල් හොසේන් 51/2)

-036

 


අදහස් (0)

අයර්ලන්ත කී‍්‍රඩකයෝ තරගාවලිය සම කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.