Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කාන්තා ක්‍රිකට් පුහුණුකාරිණියන්ටත් අවස්ථාව

කාන්තා ක්‍රිකට් පුහුණුකාරිණියන්ටත් අවස්ථාව

editorial - 2023 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාන්තාවන් සඳහාත් පුහණුකරු පාඨමාලා ආරම්භ කර තිබේ. එය මූලික අදියරේ පාඨමාලාවකි. ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් දැනුවත් කිරීමේ ඒකකය විසින්, පාසල් සහ සමාජ ශාලාවල ක්‍රියාත්මක වන ක්‍රිකට් ක්‍රීඩිකාවන් වෙත අවධානය යොමු කරමින් මෙම ‘මූලික’ පුහුණු වැඩසටහන සංවිධානය කර තිබේ.

මෙහිදී ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණු කාන්තාවන්ට අමතරව දිවයින පුරා පාසල් වල සේවය කරන ශාරීරික පුහුණු උපදේශිකාවන්ට (PTI) සහ  ක්‍රීඩා පුහුණුකාරිණියන්ට ද මෙම පුහුණු පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව උදාවනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කාන්තා පුහුණු සංචිතයක් නිර්මාණය කරමින් රට පුරා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමේ අරමුණින් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් යයි. ඒ අනුව, එක් එක් පළාත්වල පවත්වනු ලබන දෙදින වැඩසටහන් මගින් ක්‍රිකට් ක්‍රීඩාවේ මූලිකංග වන පිතිහරඹය, පන්දු යැවීම, පන්දු රැකීම සහ කඩුලු රැකීම පිළිබඳ ඉගැන්වීම සම්බන්ධයෙන් ප්‍රාරම්භක දැනමක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.

මූලික පාඨමාලාව සාර්ථකව අවසන් වූ පසු, පුහුණුකාරිණියන්ට, ඔවුන්ගේ සුදුසුකම් මත, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අදියර I, අදියර II සහ අදියර III මට්ටම් දක්වා පුහුණු පාඨමාලා හැදෑරිය හැකිය. එමඟින් ඔවුන්ට ජාත්‍යන්තර පුහුණුකාරිණියන් අතරට පැමිණීමට අවස්ථාව සැලසේ.

පුහුණු පාඨමාලා පැවැත්වීම සඳහා ඒ ඒ පළාත් වෙනුවෙන් ක්‍රිකට් උපදේශකවරුන් පත්කරනු ලැබ තිබේ.

මධ්‍යම සහ නැගෙණහිර පළාත් වෙනුවෙන් දුරකත අංක 0743-442505 යන අංකය ඔස්සේත්, වයඹ, උතුරු මැද සහ උතුරු පළාත් වෙනුවෙන් 0777-718303 යන අංකය ඔස්සේත්, දකුණ සහ ඌව පළාත් වෙනුවෙන් දුරකතන අංක 0743-449388 ඔස්සේත්, සහ බස්නාහිර පළාත වෙනුවෙන් දුරකතන අංක 0743-451550 ඔස්සේත් අමතා වැඩිදුර තොරතුරු දැනගත හැක.

-213


අදහස් (1)

කාන්තා ක්‍රිකට් පුහුණුකාරිණියන්ටත් අවස්ථාව
  • U.D සදුනි දීපශිකා සිරිවර්ධන Sunday, 28 May 2023 09:47 AM

    මේ සඳහා පාසල් අධ්‍යාපනය අවසන් කර සිටින සිසුන්ට ඇතුළත් වන්නේ කෙසේද?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.