Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රීඩකයන් 4 කට කොරෝනා - අයි.පී.එල් අත්හිටුවයි

ක්‍රීඩකයන් 4 කට කොරෝනා - අයි.පී.එල් අත්හිටුවයි

editorial - 2021 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කොවිඩ් -19 තුන්වැනි රැල්ල ඉන්දියාව තුළ අතිශය දරුණු අන්දමින් ව්‍යාප්ත වීම හේතුවෙන් පවතින තත්ත්වය මත අයි.පී.එල්. තරගාවලිය අත්හිටුවීමට  ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද (4 වැනිදා) දහවල් තීරණය කළේය.

කොවිඩ් -19 උත්සන්න වීම හේතුවෙන් අයි.පී.එල්. තරගාවලියට සහභාගි වන ඉන්දීය ක්‍රීඩකයෝ මෙන්ම විදේශීය ක්‍රීඩකයෝත් රැසක් තරගාවලිය හැරයාමට සූදානම් වෙති. ඇතැම් ක්‍රීඩකයන් මෙන්ම වෙනත් කටයුතු වල නිරතව සිටින විදේශිකයෝත් සිය කැමැත්තෙන් ජෛව බුබුළු හැර යමින් සිටිති.

කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් ඊයේ (සඳුදා) පැවැත්වීමට නියමිතව තිබූ කොල්කටා - රෝයල් චැලෙන්ජර්ස් තරගය කල්දමන ලදි. කොල්කටා පිලේ දඟ පන්දු යවන්නකු වන වරුන් චක්‍රවර්ති සහ වේග පන්දු යවන සන්දීප් වොරියර් දෙදෙනා කොවිඩ් - 19 වයිරසයට ගොදුරු වූහ. ඒ හේතුවෙන් කොල්කටා සංචිතයම හුදෙකළා කෙරිණ.

අයි.පී.එල්. තරගාවලිය හදිසියේම අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ කඩුලු රකින්නා වන රිදිමන් සහා ත්, දඟ පන්දු යවන ක්‍රීඩක අමිත් මිශ්රාත් කොවිඩ් - 19 වයිරසයට ගොදුරු වී සිටින බැවිනි. මේ අතර චෙන්නායි සුපර් කිංග්ස් පිලේ පන්දු යැවීමේ පුහුණුකරු ලාල් බාලාජි සහ බස්රිය පිරිසිදු කරන්නාත් කොවිඩ් - 19 වයිරසයට ධනාත්මක ප්‍රතිඵල පෙන්වා සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඕස්ටේ්‍රලියානු ක්‍රීඩකයකු වන ඇන්ඩෲ ටේ මේ වන විටත් අයි.පී.එල්. බුබුලෙන් මිදී සියරට බලා ගොස් තිබේ.  ඔහු කියන පරිදි බොහෝ ඕස්ටේ්‍රලියානු ක්‍රීඩකයෝ කොරෝනා වයිරසය ගැන මහත් සේ බියට පත්ව සිටිති.

කිසිවකුට නොදන්වා, හොර රහසේම, අයි.පී,එල්. හැරගිය ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් විස්තර විචාරක මයිකල් ස්ලේටර් මේ වන විට මාලදිවයිනේ සිරවී සිටී. ඉන්දියාවෙන් පැමිණෙන ඕස්ටේ්‍රලියනුවන්ට ඕස්ටේ්‍රලියාවේ දේශසීමා වසා දැමීමට අගමැති ස්කොට් මොරිසන් මහතා ගත් තීරණය සම්බන්ධයෙන් කෝපාවිෂ්ඨව සිටින මයිකල් ස්ලේටර් ට්විටර් පණිවුඩයකින් කියා සිටියේ “අගමැති මොරිසන්... ඔබ දෑතේ ලේ තවරාගෙන සිටිනවා” කියාය.

අයි.පී.එල් ‘ජෛව බුබුල’ එපා වීම හේතුවෙන් රාජස්තාන් රෝයල්ස් පිලේ ලයාම් ලිවිංග්ස්ටන් ආපසු එංගලන්තය බලා ගියේය. දිල්ලි කැපිටල්ස් පිල නියෝජනය කරන ඉන්දීය පිලේ ජ්‍යෙෂ්ඨ දඟ පන්දු යවන්නා වන රවිචන්ද්‍රන් අශ්වින් පසුගිය 25 වැනිදා අයි.පී.එල්. ජෛව බුබුල හැර ගියේ සිය පවුලේ අයත් සමග එක්ව සිටීව වඩාත් වැදගත් යයි කියමිනි.

අදහස් (1)

ක්‍රීඩකයන් 4 කට කොරෝනා - අයි.පී.එල් අත්හිටුවයි
  • පැවිලියන් Wednesday, 05 May 2021 04:46 PM

    කෝ ලොක්කෝ දෙන්නා? පුහුණුකරුවන්ලා....

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.