Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කමිල් - චාමික එන්.සී.සී දිනවති

කමිල් - චාමික එන්.සී.සී දිනවති

editorial - 2021 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)


කමිල් මිෂාරගේ (113) ශතකයත්, චාමික කරුණාරත්නගේ (37/4) සහ ළහිරු කුමාරගේ (30/3) පන්දු යැවීමත් හමුවේ අන්තර් සමාජ සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට එන්.සී.සී පිල සමත්විය. එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී ඊයේ (11 වැනිදා) පැවැති අවසන් මහා තරගයේදී රාගම පිල ලකුණු 145 කින් පරාජය කරමින් ශූරතාවට හිමිකම් කීමට එන්.සී.සී පිලට හැකිවිය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එස්.එස්.සී පිල ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 286 ක් රැස්කිරිමට සමත්විය. ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 20 ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට රාගම පන්දු යවන්නන් සමත්වුවද වමත් පිතිකරු කමිල් මිෂාර ශතකයක් ලබාගනිමින් එන්.සී.සී ලකුණු සංඛ්‍යාව 300 සීමාව ආසන්නයට රැගෙන යාමට සමත්විය. පන්දු 132 කට මුහුණදුන් කමිල් මිෂාර හතරේ පහර 9 ක් සමගින් ලකුණු 113 ක් රැස්කිරීමට සමත්විය.

තෙවැනි කඩුල්ල සඳහා කවීන් බණ්ඩාර සමගින් පන්දු 156 කදී ලකුණු 137 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ කමිල් මිෂාර ඉන් නොනැවතී සිව්වැනි කඩුල්ල සඳහාද ඇන්ජලෝ පෙරේරා සමගින් එක්ව පන්දු 88 කදී ලකුණු 98 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.

මැද පෙළ පිතිකරුවන්වූ කවීන් බණ්ඩාර සහ ඇන්ජලෝ පෙරේරා අර්ධ ශතක රැස්කරමින් එන්.සී.සී. ඉනිම ශක්තිමත් කිරීමට සමත්වූහ. කවීන් බණ්ඩාර පන්දු 76 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 65 ක් සහ ඇන්ජලෝ පෙරේරා පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 61 ක් ලබාගැනීමට සමත්වූහ.

ඉෂාන් ජයරත්න ලකුණු 52 කට කඩුලු 3 ක් සහ බිනුර ප්‍රනාන්දු ලකුණු 55 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 287 ක ඉලක්කයක් හඹාගිය රාගම පිල ඕවර 30.3 කදි ලකුණු 141 කට සීමාකරමින් එන්.සී.සී පිලට ශූරතාව දිනා දිමට චාමික කරුණාරත්න සහ ළහිරු කුමාර සමත්වූහ. 

මුල් පෙළ පිතිකරුවකු වන ජනිත් ලියනගේ හුදකලා සටනක නිරත වෙමින් රාගම පිල ජයග්‍රණයේ මාවතට රැගෙන ඒමට උත්සහ කළද එය ආසාර්ථක කරමින් අවසන් කඩුල්ල ලෙස ඔහු දැවී ගියේය. පන්දු 71 කට මුහුණදුන් ජනිත් ලියනගේ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 42 ක් ලබාගත්තේය. පසුපෙළ පිතිකරුවකු වූ ජානක සම්පත් ලකුණු 21 ක් ලබාගත් අතර සෙසු පිතිකරුවන්ට ලකුණු 15 සීමාව පසුකිරීමට එන්.සී.සී පන්දු යවන්නෝ අවස්ථාවක් හිමි කර නොදුන්හ

දක්ෂ පන්දු යැවීමක නිරතවූ චාමික කරුණාරත්න ලකුණු 37 කට කඩුලු 4 ක් සහ ළහිරු කුමාර ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය එන්.සී.සී පිලේ කමිල් මිෂාර දිනාගත්තේය. 

එන්.සී.සී  - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 286
(කමිල් මිෂාර 113, කවීන් බණ්ඩාර 65, ඇන්ජලෝ පෙරේරා 61, ඉෂාන් ජයරත්න 52/3, බිනුර ප්‍රනාන්දු 55/3)

රාගම  - ඕවර 30.3 කදී සියලුදෙනා දැවී 141
(ජනිත් ලියනගේ 42, ජානක සම්පත් 21, චාමික කරුණාරත්න 37/4, ළහිරු කුමාර 30/3)


අදහස් (0)

කමිල් - චාමික එන්.සී.සී දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.