Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුණතිලක - වෙල්ලාලගේ නැඟීඑන පිල ඔසවති
එංගලන්ත සංචාරය

ගුණතිලක - වෙල්ලාලගේ නැඟීඑන පිල ඔසවති

editorial - 2022 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව සදම්ප්ටන්හිදී පැවැත්වෙන සිව්දින තරගයේ පළමු දිනය වූ සිකුරාදා (13 වැනිදා) ක්‍රීඩාව නිමාවීමට පෙර, ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම ලකුණු 281 කට දැවී ගියේය.

පළමුපෙළ කෝඩුකාරයන් හය දෙනකු සමගින් තරගයට පිවිසි හැම්ප්ෂයර් පන්දු යවන්නෝ, ශ්‍රී ලංකා නැගීඑන පිලේ කඩුලු 5 ක් ලකුණු 105 කට දවාගත් නමුත් හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 106 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ සන්තුෂ් ගුණතිලක (53) සහ දුනිත් වෙල්ලාලගේ (44) තම පිල මුහුණ දී සිටි අසිරු තත්ත්වයෙන් මුදවා ගත්තේ මුලු ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන යමිනි.

ලකුණු සංඛ්‍යාව 215 ක් වෙද්දී ගුණතිලක සහ වෙල්ලාලගේ දෙදෙනාම දැවී ගිය නමුත් එතැන් සිට දිලුම් සුධීර සහ අෂීන් ඩැනියෙල් එක්ව 280 දක්වා ශ්‍රී ලංකා නැඟීඑන පිල කැඳවාගෙන ගියහ.

හැම්ප්ෂයර් පිල වෙනුවෙන් සිය මංගල පළමු පෙළ තරගයට ක්‍රීඩා කරන 21 හැවිරිදි වේග පන්දු යවන්නා වන ජෝන් ටර්නර් ලකුණු 31 කට කඩුලු 5 ක් දවාගත්තේය. එහෙත් හැම්ප්ෂයර් ඉනිම ආරම්භ කළ ඔහු මුහුණ දුන් සිව්වැනි පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගියේ දිලුම් සුධීරට සිය පළමු ඕවරයේදීම කඩුල්ලක් තිළිණ කරමිනි.

පසුගිය සතියේදී ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම සහ කෙන්ට් පිල අතර පැවැති තරගය සම්පූර්ණයෙන්ම වාගේ පිතිකරුවන්ගේ අණසකට ලක්වූයේය. එහිදී තරගය පැවැති දින 4 දී දෙපිලේම කඩුලු 18 ක් වැටෙන අතරතුරදී පිතිකරුවෝ ලකුණු 1453 ක් ලබාගත්හ.

ශ්‍රී ලංකා යොවුන් පිලේ ලසිත් කෲස්පුල්ලේ (136) සහ නිශාන් මධුෂ්ක (269) කෙන්ට් පිලට එරෙහිව ශතක ලබාගත් අතර නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 99 දී දැවී ගියේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නැඟීඑන පිල සහ හැම්ප්ෂයර් පිල අතර තරගය පැවැත්වෙන තණතීරුව පන්දු යවන්නන් සඳහා වඩාත් සාධාරණ තණතීරුවක් ලෙසින් පවතී.

- 213


අදහස් (0)

ගුණතිලක - වෙල්ලාලගේ නැඟීඑන පිල ඔසවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.