Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලෝක කුසලානයේදී වනිඳු - චමීර - තීක්ෂණ බැබළේවි

ලෝක කුසලානයේදී වනිඳු - චමීර - තීක්ෂණ බැබළේවි

editorial - 2022 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසර (2022) තුළ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ යන තරුණ ක්‍රීඩකයන් කැපී පෙනෙන දස්කම් දක්වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා පවසයි.

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නිල වෙබ් අඩවිය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ජයවර්ධන මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද සඳහන් කළේය.
“වනිඳු ලෝක කුසලාන තරගාවලියෙදී ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ තුරුම්පුවක් වේවි. ඔහු මේ වන විට ලෝකෙ ඉන්න හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයන් කිහිපදෙනාගෙන් කෙනෙක්.

දුෂ්මන්ත චමීරත් මේ වෙනකොට දස්කම් අතින් හුඟක් ඉදිරියට ඇවිත් තියෙනවා.”
“මහීෂ් තීක්ෂණ කියන්නෙත් ශ්‍රී ලංකාව සතුව තියෙන තියුණු අවියක්. ඔවුන් තුන්දෙනාම එකට ක්‍රීඩා කරනකොට මම හිතනවා පන්දු යැවීමේ අංශය තමයි ලෝක කුසලාන තරගාවලියෙදි ශ්‍රී ලංකාවට තියෙන ප්‍රබලම ශක්තිය කියලා.” යැයි ජයවර්ධන මහතා පැවසීය.
 
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු බළෑණිය සම්බන්ධයෙන්ද අදහස් දැක්වීමට ජයවර්ධන මහතා අමතක නොකළේය. කුසල් පෙරේරාගේ ආබාධ තත්ත්වය ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර සුව අතට හැරුණහොත් එය ශ්‍රී ලංකාවට වඩාත් වාසි දායක වනු ඇතැයි ඔහු කියා සිටියේය.

“කුසල් මෙන්ඩිස්ගේ සහ ධනුෂ්ක ගුණතිලකගේ ආගමනයත්, භානුක රාජපක්ෂගේ ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාශයත් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ශක්තිමත් කරාවි. දිගින් දිගටම ලකුණු අතර සිටින පැතුම් නිස්සංක එක්ක චරිත් අසලංකත් එක් වුණාම ශ්‍රී ලංකාවට හොඳ ආක්‍රමණශීලී පිතිහරඹ ලැයිස්තුවක් තියෙනවා කියලා මම හිතනවා.” යැයි ජයවර්ධන මහතා සඳහන් කළේය.

සමස්ථයක් ලෙස ගත් කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරුණ කණ්ඩායමක් වුවත්, පසුගිය විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් සමග සසඳන කළ ඊට සාපේක්ෂව මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඉහළ දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවද ජයවර්ධන මහතා කීය.

-036

 


අදහස් (0)

ලෝක කුසලානයේදී වනිඳු - චමීර - තීක්ෂණ බැබළේවි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.