Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජකීය - ශා. පීතර අවසන් සටන ඉරිදා

රාජකීය - ශා. පීතර අවසන් සටන ඉරිදා

editorial - 2023 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් පාසල් වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් මහ තරගය ඉරිදා (15 වැනිදා) කොළඹ රාජකීය විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර කොළඹ ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දුෂාන් උඩවෙල විසින් රාජකීය විදුහල් කණ්ඩායමද, රෙෂොන් සොලමන්ස් විසින් ශාන්ත පීතර විදුහල් කණ්ඩායමද මෙහෙයවනු ලබති. තරගාවලියේ මූලික වටයේදී කණ්ඩායම් 78 ක් කාණ්ඩ 11 ක් යටතේ ලීග් ක්‍රමයට අනුව තරග වැදිණ.  

තරග වැදුණ කාණ්ඩයේ අනු ශූරයන් බවට පත්වෙමින් දෙවැනි වටයට පිවිසි රාජකීය විදුහල, එහිදී කොළඹ ආනන්ද විදුහල පරාජය කරමින් තෙවැනි වටයට සුදුසුකම් ලැබීය.

මූලික වටයේදී සිය කාණ්ඩයේ ශූරයන් බවට පත්වූ ශාන්ත පීතර කණ්ඩායම, තෙවැනි වටයට සුදුසුකම් ලැබුවේ දෙවැනි වටයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල පරාජය කරමිනි.

තෙවැනි වටයේදී ගාල්ල මහින්ද විදුහල පරාජය කළ රාජකීයයෝ, අර්ධ අවසන් පූර්ව වටයේදී පන්නිපිය ධර්මපාල විදුහලද, අවසන් පූර්ව වටයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලද පරාජය කරමින් අවසන් මහ තරගයට පිවිසීමේ අවස්ථාව උදාකර ගත්හ.
 
තෙවැනි වටයේදී කොළඹ ඉසිපතන විදුහල පරාජය කළ ශාන්ත පීතරයන් අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී මහනුවර ත්‍රිත්ව විදුහලත්, අවසන් පූර්ව වටයේදී ගාල්ල රිච්මන්ඩ් විදුහලත් පරාජයට පත්කරමිනි.


රාජකීය විදුහල් සංචිතය
දුෂේන් උඩවෙල (නායක), සන්දුල් අබේවර්ධන (උප නායක), රසුල මදරසිංහ, ධිසස් නානායක්කාරවසම්, මිහිරු කොඩිතුවක්කු, මුදිත් ගුණසේකර, රෙහාන් සෙනේෂ්, නිතේෂ් ජයසිංහ, තුමිදු සෝමසිරි, චනිතු කංකානම්ගේ, දිසඳු සිරිවර්ධන, අභිරු අමරසිංහ, ජනිරු ගුණවර්ධණ, ජනරත්නන් යාතාවම්, ඔමිරු පෙරේරා, ඩී.එම්. දිසානායක මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), රෂාන් පීරිස් මහතා (ප්‍රධාන පුහුණුකරු), ප්‍රගීත් ප්‍රනාන්දු මහතා (සහයක පුහුණුකරු), වසන්ත සතරසිංහ මහතා (සහයක පුහුණුකරු) සහ සඳරුවන් ප්‍රනාන්දු මහතා (සහයක පුහුණුකරු)

ශාන්ත පීතර විදුහල් සංචිතය
රෙෂොන් සොලමන්ස් (නායක), නවිඳු ද සිල්වා (උප නායක), මෙනුර දිසානායක, ඔකිත සිල්වා, ඩියෝන් අල්විස්, මෙතුක ගුණරත්න, තිනුක දෙව්නාත්, නේතන් ප්‍රනාන්දු, මහිරු ගුණතිලක, රිතික් බ්‍රයිස්නන්, ටේ‍රවොන් ප්‍රේමරත්න, රිසිඳු පෙරේරා, ලෙෂාන් පෙරේරා, ස්ටීවන් පීරිස්, හිරුන් නොයා, මොහාන් ලියනගේ මහතා (පුහුණුකරු), ලක්මාල් ප්‍රනාන්දු (ක්‍රීඩා භාර ආචාර්ය)

රාජකීය විදුහලේ නායක
දුෂේන් උඩවෙල
ශාන්ත පීතර විදුහලේ නායක
රෙෂොන් සොලමන්ස්

අදහස් (0)

රාජකීය - ශා. පීතර අවසන් සටන ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.