Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යොවුන් ක්‍රීඩිකාවෝ ලකුණකින් පරදිති

යොවුන් ක්‍රීඩිකාවෝ ලකුණකින් පරදිති

editorial - 2023 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ කාන්තා ලෝක කුසලාස තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ පළමු කාණ්ඩය යටතේ අද (24 වැනිදා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු යොවුන් කාන්තා කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 133 ක් පමණි. තරගය ජයගැනීමට අවසන් පන්දු දෙකේදී ලකුණු 6 ක් අවශ්‍ය වුවද, 5 වැනි පන්දුවේදී ප්‍රතිවාදීන් කඩුල්ලක් ලබාදුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට, අවසන් පන්දුවේදී රැස්කරගත හැකි වූයේ ලකුණු 4 ක් පමණි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු යොවුන් ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 134 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ විදුෂිකා පෙරේරා ලකුණු 25 කට කඩුලු 3 ක් බිඳහෙළුවාය. දකුණු අප්‍රිකානු යොවුන් පිතිකාරිණියන් පීඩනය පත්කිරීම සඳහා විදුෂිකාට සහාය දැක්වූ දෙව්මි විහන්ගා ලකුණු 22 කට කඩුලු 2 ක් දවාගත්තාය. 

දකුණු අප්‍රිකානු යොවුන් කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 134
(කයිලා රෙනේකා 43, මැඩිසන් ලෑන්ඩ්සන් 21, ජෙනා එවන්ස් 22, විදුෂිකා පෙරේරා 25/3, දෙව්මි විහන්ගා 22/2) 

ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 133 
(නෙත්මි සේනාරත්න 36, දෙව්මි විහන්ගා 37, මනුදි නානායක්කාර 17, කයිලා රෙනේකා 16/2) 

-036 


අදහස් (0)

යොවුන් ක්‍රීඩිකාවෝ ලකුණකින් පරදිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.