Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මරදාන ශාන්ත ජෝෂප් ශූරතාව දිනාගනී

මරදාන ශාන්ත ජෝෂප් ශූරතාව දිනාගනී

editorial - 2021 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ 'ඒ' කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට මරදාන ශාන්ත ජෝෂප්  විදුහල සමත් විය. කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී කොළඹ රාජකීය විදුහලට එරෙහිව ලකුණු 97 ක පහසු ජයක් වාර්තා කරමින් ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 288 ක ඉලක්කයක් හඹාගිය රාජකීය විදුහලට ළහිරැ අමරසේකර ප්‍රමුඛ ශාන්ත ජෝෂප් විදුහල් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 40.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 190 ක් පමණි.

ළහිරැ ලකුණු  45 කට කඩුලු 4 ක් බිඳහෙළු අතර දේෂාන් සෙනෙවිරත්න සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් දවාගනිමින් රාජකීය විදුහලේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

ලකුණු 9 කට කඩුලු 3 ක් බිඳවැටී, අඩපණවී තිබූ රාජකීය විදුහල් ඉනිමට බලාපොරොත්තු එක්කළ සිනෙත් ලක්වන් (40) සහ අහන් වික්‍රමසිංහ (37) සිවුවැනි  කඩුල්ල වෙනුවෙන් පන්දු 99 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. එහෙත් ලකුණු 13 ක් ඇතුළත ඔවුන් දෙදෙනාම ක්‍රීඩාගාරයට හරවා යැවූ ළහිරැ අමරසේකර රාජකීයයන්ගේ බලාපොරොත්තු සී සී කඩ විසුරැවා හළේය.

සෙසු පිතිකරැවන් අසාර්ථක වෙද්දී රාජකීය ඉනිමේ 7 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි කවිඳු පතිරත්න පන්දු 61 කදී ලකුණු 59 ක් රුස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. කෙසේ වුවත් ශෙනුක ද සිල්වාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීයෑම නිසා කවිඳුටද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට නොහැකි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ජෝෂප් විදුහල ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 287 ක් ලබාගත්තේය. වේගවත් පිතිහරඹයක නිරත වූ ෂෙවෝන් ඩැනියෙල් පන්දු 133 කදී හයේ පහර 9 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 146 ක් රැස්කළේය.

මිතිර තේනුර (34) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 146 කදී ලකුණු 136 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ඩැනියෙල්, ඉන් නොනැවතී දුනිත් වෙල්ලාලගේ (30) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

පළමු කඩුල්ල සඳහා පන්දු 65 කදී ලකුණු 50 ක් එක්කළ සදීෂ් ජයවර්ධන (25) සහ ෂෙරාන් ෆොන්සේකා (38) ශාන්ත ජෝෂප් විදුහලට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. අවසන් ඕවර කිහිපයේදී තරමක් වේගයෙන් ලකුණු රැස්කළ දුනිත් වෙල්ලාලගේ පන්දු 15 කින් ලකුණු 30 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි.

ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 287
(ෂෙවෝන් ඩැනියෙල් නොදැවී 146, ෂෙරාන් ෆොන්සේකා 38, මිතිර තේ්නුර 34, දුනිත් වෙල්ලාලගේ 30, සදීෂ් ජයවර්ධන 25)

රාජකීය විදුහල - ඕවර 40.2 කදී සියලු දෙනා දැවී 190
(කවිඳු පතිරත්න 59, සිනෙත් ලක්වන් 40, අහන් වික්‍රමසිංහ 37, ප්‍රෂාන් කල්හාර 19, ළහිරු අමරසේකර 45/4, දේෂාන් සෙනෙවිරත්න 12/2, දුනිත් වෙල්ලාලගේ 50/2)

 

අදහස් (0)

මරදාන ශාන්ත ජෝෂප් ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.