Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මතීෂලාගේ චෙන්නායි පිල අවසන් තරගයට
අයි.පී.එල්. 2023

මතීෂලාගේ චෙන්නායි පිල අවසන් තරගයට

editorial - 2023 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මතීෂ පතිරණ (37/2), මහීෂ් තීක්‍ෂණ (28/2), දීපාක් චහාර් (29/2) සහ රවීන්ද්‍ර ජදේජා (18/2) සිව්දෙනාගේ විශිෂ්ට පන්දු යැවීම නිසා පහසුවෙන්ම ලකුණු 172 ආරක්‍ෂා කරගත් මහේන්ද්‍ර සිං දෝනිගේ චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩකයෝ,  2023 අයි.පී.එල් තරගාවලියේ අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කර ගත්හ.

ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගෙන සිටි නමුත්, ලකුණු 173 ක ඉලක්කයක් කරා ගිය ගුජරාට් ටයිටන්ස් පිලට ඕවර 20 ක් නිමාවේදී ලබාගත හැකිවූයේ ලකුණු 157 ක් පමණි. චෙන්නායි පිලට ලකුණු 15 ක ජයක් හිමිවිය.

අද තරගයේදී පරජය වුවද ගුජරාට් පිලට අවසන් තරගයේ ස්ථානයක් ලබාගැනීම සඳහා තවත් අවස්ථාවක් ඉතිරිව තිබේ.  ඒ ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි සහ හතර වැනි ස්ථානයන්හි පසුවන ලක්නව් සුපර් ජයන්ට්ස් සහ මුම්බායි ඉන්දියන්ස් අතර තරගයේ ජයග්‍රාහකයන් සමග තරග වැදීමෙනි.


චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 7 ට 172 යි
(රුතුරාජ් ගයික්වාඩ් 60, ඩෙවොන් කොන්වේ 40, අජින්ක්‍යා රහනේ 17, අමබටි රයියදු 17, රවීන්ද්‍ර ජදේජා 22, මොහොමඩ් ශාමි 28/2, මෝහිත් ෂර්මා 31/2)

ගුජරාට් ටයිටන්ස් - ඕවර 20 කදී සියලු දෙනා දැවී 157 යි
(රිදිමන් සාහ 12, ෂුබ්මන් ගිල් 42,  දසුන් ශානක 17, විජේ ශංකර් 14, රශීඩ් ඛාන් 30, දීපාක් චහාර් 29/2, මහීෂ් තීක්‍ෂණ 28/2, රවීන්ද්‍ර ජදේජා 18/2, මතීෂ පතිරණ 37/2)

- 213


අදහස් (0)

මතීෂලාගේ චෙන්නායි පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.