Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශයට 3-0 ක තරගාවලි ජයක්

බංග්ලාදේශයට 3-0 ක තරගාවලි ජයක්

editorial - 2021 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ ටමීම් ඉක්බාල්ගේ (112) ශතකය හමුවේ සිම්බාබ්වේට එරෙහිව හරාරේහිදී අද (20 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගය කඩුලු 5 කින් ජයගැනීමට බංග්ලාදේශය සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමටද බංග්ලාදේශයට හැකිවිය.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේට ආරාධනා කළ අතර ඕවර 49.3 කදී සියලුදෙනා දැවී ලකුණු 298 ක් රැස්කිරීමට ඔව්හු සමත්වුහ.

රෙජීස් චකබ්වා (84), සීකන්දර් රාසා (57) සහ රයන් බර්ල් (59) අර්ධ ශතක රැස්කරමින් සිම්බාබ්වේ ලකුණු සංඛ්‍යාව 300 සීමාව ආසන්නයට රැගෙන යාමට සමත්වූහ. රෙජීස් චකබ්වා පන්දු 91 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 84 ක් රැස්කළ අතර සීකන්දර් රාසා පන්දු 54 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 57 ක් ලබාගත්තේය. වේගවත් පිතිහරඹයක නිරතවූ රයන් බර්ල් පන්දු 43 කදී හයේ සහ හතරේ පහර 4 බැගින් එල්ල කරමින් ලකුණු 59 ක් ලබාගත්තේය.

සීකන්දර් රාසා සහ රයන් බර්ල් එකතුව 6 වැනි කඩුල්ල සඳහා පන්දු 80 කදී ලකුණු 112 ක සම්බන්ධතාවයක් පවත්වමින් සිම්බාබ්වේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.
මුස්ටෆිසූර් රහ්මන් සහ මොහොමඩ් සයිෆුඩීන් කඩුලු 3 බැගින් ද මහ්මුදුල්ලා කඩුලු 2 ක් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 299 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය ඕවර 48 කදී කඩුලු 5 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය. ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් පන්දු 97 කදි හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 112 ක් රැස්කරමින් බංග්ලාදේශ පිලේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය අඩිතාලම දැමීමට සමත්විය.

නුරුල් හසන් (නොදැවී 45), ලිටන් දාස් (32), සකීබ් අල් හසන් (30), මොහොමඩ් මිතුන් (30) සහ අෆීෆ් හුසේන් (නොදැවී 26) පිත්තෙන් දස්කම් දක්වමින් බංග්ලාදේශය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.


සිම්බාබ්වේ - ඕවර 49.3 කදී සියලුදෙනා දැවී 298
(රෙජීස් චකබ්වා 84, බ්‍රෙන්ඩන් ටේලර් 28, ඩියෝන් මේයර්ස් 34, සීකන්දර් රාසා 57, රයන් බර්ල් 59, මුස්ටෆිසූර් රහ්මන් 57/3, මොහොමඩ් සයිෆුඩීන් 87/3, මහ්මුදුල්ලා 45/2)

බංග්ලාදේශය - ඕවර 48 කදී කඩුලු 5 ක් දැවී 302
(ලිටන් දාස් 32, ටමීම් ඉක්බාල් 112, සකීබ් අල් හසන් 30, මොහොමඩ් මිතුන් 30, නුරුල් හසන් නොදැවී 45, අෆීෆ් හුසේන් නොදැවී 26, වෙස්ලි මාධීවේරේ 45/2, ඩොනල්ඩ් ටිරිපානෝ 61/2)

 

- 223

 


අදහස් (0)

බංග්ලාදේශයට 3-0 ක තරගාවලි ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.