Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලෝරන්ස් එංගලන්ත ඉනිම ගොඩනඟයි

ලෝරන්ස් එංගලන්ත ඉනිම ගොඩනඟයි

editorial - 2021 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ නවසීලන්තය අතර බර්මින්හැම්හිදී අද (10 වැනිදා) ආරම්භවූ දෙවැනි ටෙස්ට් තරගය පළමු දිනයට අවසන් කරන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 258 ක් රැස්කරගෙන සිටියේය. ඩැනියෙල් ලෝරන්ස් 67 ක් සහ මාක් වුඩ් ලකුණු 16 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක ජෝ රූට් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර දිවා ආහාරයට නතර කරන විට එංගලන්ත කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 67 ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරුවන්වූ ඩොම් සිබ්ලි සහ රොරී බර්න්ස් ලකුණු හඹායෑමට උත්සහ නොකල අතර කඩුලු ආරක්‍ෂා කරගනිමින් පිටියේ ස්ථාවර වීමට ප්‍රයත්න දැරූහ.

එංගලන්තයේදී පැවැති ටෙස්ට් තරගයකදී, අවසන් වතාවට, ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පළමු දිනයේ දිවා ආහාරය දක්වා කඩුලු ආරක්ෂාකරගෙන ඇත්තේ වසර 2009 දීය. මෙම තරගයට ක්‍රීඩා කරන ඔලී පෝප්, ඒ වන විට යන්තම් අවුරුදු 11 ක ළමයෙකි. 

දිවා ආහාරයෙන් පසුව යවන ලද පළමු ඕවරයේ අවසන් පන්දුවේදී ආරම්භක පිතිකරු ඩොමිනික් සිබ්ලි ලකුණු 35 කට පිටියෙන් ඉවත් කිරීමට මැතිව් හෙන්රි සමත්විය.

එංගලන්ත ඉනිමට තවත් ලකුණක් එක්වනවිට නීල් වැග්නර්ගේ පන්දුවක් හමුවේ මිචෙල් සැන්ටර් අතට උඩපන්දුවක් දෙමින් සැක් ක්‍රව්ලිට ලකුණු නොලබාම පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

ආරම්භක පිතිකරු රෝරී බර්න්ස් සමගින් එක්ව කඩාවැටුණු එංගලන්ත ඉනිම ගොඩනැගීමට නායක ජෝ රූට් උත්සහ කළද නැවතත් ක්‍රීයාත්මක වූ මැතිව් හෙන්රිගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ටොම් බ්ලන්ඩල්ට උඩපන්දුක් දෙමින් ලකුණු 4 කට ඔහු දැවී ගියේය.

සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 42 ක සාර්ථක සම්බන්ධතාවයක් පවත්වමින් සිටියදී ඔලී පොප් පිටියෙන් ඉවත් කිරීමට අජාස් පතෙල් සමත්විය. ලකුණු 19 ක් රැස්කර සිටියදී ටොම් බ්ලන්ඩල් අතට උඩපන්දුවක් දෙමින් ඔලී පොප් දැවී ගියේය.

 සාර්ථක ආරම්භයක් ලබාගත් රොරී බර්න්ස් දැවීයන විට එංගලන්ත ලකුණු පුවරුය කඩුලු 5 කට 169 ක් විය. ට්‍රෙන්ට් බෝල්ට්ගේ පන්දුවක් හමුවේ ටොස් ලේතම් අතට උඩපන්දුවක් දෙමින් රොරී බර්න්ස් ලකුණු 81 කට දැවී ගියේය.

නැවතත් ක්‍රීයාත්මක වූ ට්‍රෙන්ට් බෝල්ට්ගේ පන්දුවක් හමුවේ ජේම්ස් බ්‍රේසීට මුහුණදුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබාම පිටියෙන් ඉවත්විමට සිදුවිය.

යළිත් වරක් කඩාවැටුණු එංගලන්ත ඉනිම ගොඩනැගීමේ රාජකාරිය බාරගත් ඩැනියෙල් ලෝරන්ස් හත්වැනි කඩුල්ල සඳහා ඔලී ස්ටෝන් සමගින් එක්ව ලකුණු 47 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය. නමුත් හත්වැනි කඩුල්ල ලෙස ඔලී ස්ටෝන් ලකුණු 20 කට දැවීයාමත් සමගින් එම බලාපොරොත්තුවද සුන්වී ගියේය.

මෙම තරගය සඳහා නවසීලන්ත නායක කේන් විලියම්සන් ක්‍රීඩා නොකරන අතර ටොම් ලෙතම් නවසීලන්ත පිල මෙහෙයවයි. බී.ජේ. වොට්ලිං තුවාල ලැබීම හේතුවෙන් ක්‍රීඩා නොකරන අතර කඩුලු රැකීමේ අත් ආවරණ ටොම් බ්ලන්ඩල්ට බාරවී තිබේ. අපේක්‍ෂා කළ පරිදිම ටේ‍රන්ට් බෝල්ට් නවසීලන්ත පිලට එක්වී තිබේ. 

එංගලන්තය - පළමු ඉනිම කඩුලු 7 ක් දැවී 258
(ඩොම් සිබ්ලි 35, රොරී බර්න්ස් 81, ඩැනියෙල් ලෝරන්ස් නොදැවී 67, ඔලී ස්ටෝන් 20, මාක් වුඩ් නොදැවී 16, ට්‍රෙන්ට් බෝල්ට් 60/2, මැතිව් හෙන්රි 66/2, අජාස් පතෙල් 34/2)

 


අදහස් (0)

ලෝරන්ස් එංගලන්ත ඉනිම ගොඩනඟයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.