Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පල්ලෙකැ‍ළේ කනිෂ්ට සේවකයන් 100 කින් 2 කට කොරෝනා

පල්ලෙකැ‍ළේ කනිෂ්ට සේවකයන් 100 කින් 2 කට කොරෝනා

editorial - 2022 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා යොදාගන්නා ක්‍රීඩාංගණයේ කණිෂ්ඨ සේවකයන් 100 දෙනෙකු පී.සි.ආර්.  පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව එම සේවකයන් අතරින් දෙදෙනෙකු කෝවිඩ් ආසාදිතයන් බවට අනාවරණය වී ඇතැයි ක්‍රීඩාංගණ කළමනාකාර ජානක පතිරණ මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ අද  (12 වැනිදා) පී.සි.ආර්. පරීක්ෂණවලට යොමු කළ කනිෂ්ට සේවකයන් සහ කාර්යාල සේවකයන් සියලු දෙනා ජෛව බුබුළකට යොමු කළ බවයි. ඒ සියලු දෙනාම තරඟාවලිය හමාර වනතුරු කෑම, බීම ඇතුළු සියලු සෞඛ්‍ය පහසුකම් සහිතව ක්‍රීඩාංගනය තුළම රැඳවීමටපියවර ගන්නා බවද පතිරණ මහතා වැඩිදුරටත් පැවසීය.

කිසිදු හේතුවක් නිසා මෙම ජෛව බුබුළට අයත් කිසිවෙකුටත් ක්‍රීඩාංගණයෙන් බැහැරව යාමට අවසර නොදෙන බවද පැවසීය .

හෙට (13 වැනිදා) පෙරවරුවේ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පුහුණු සැසියකටසහභාගි වීමට නියමිතය. හෙට පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පුහුණු සැසියකට සහභාගිවීමට නියමිතබවද පතිරණ මහතා පැවසීය .

 


අදහස් (0)

පල්ලෙකැ‍ළේ කනිෂ්ට සේවකයන් 100 කින් 2 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.