Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු 100 ක්‍රිකට් වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 18 ක්

පන්දු 100 ක්‍රිකට් වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 18 ක්

editorial - 2021 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේදී පැවැත්වීමට නියමිත පන්දු සියයේ හෙවත් ‘ද හන්ඩ්‍රඩ්’ ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ 18 දෙනෙක් ලියාපදිංචි වී සිටිති. ක්‍රීඩක වෙන්දේසිය අද (22 වැනිදා) පැවැත්වේ.

මෙම වෙන්දේසිය සදහා විදෙස් ක්‍රීඩකයින් 252 දෙනෙක් සහ එංගලන්ත ක්‍රීඩකයෝ 254 දෙනෙක් ලියාපදිංචි වී ඇති බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි. කෙසේ වෙතත් පසුගිය වසරේදී තෝරා ගැනුණු ක්‍රීඩකයින් රැසක් තවදුරටත් අදාළ කණ්ඩායම් 8 තුළ රැදී සිටින බැවින් මෙම වෙන්දේසියේදී විදෙස් ක්‍රීඩකයින් 7 දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයින් 28 දෙනෙකු පමණක් ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායම් 8 විසින් මිළදී ගැනීමට නියමිතව ඇත.

පසුගිය වසරේ දී “ද හන්ඩ්‍රඩ්” තරගාවලියේ පළමු අදියර පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමීමට සිදුවිය. තරගාවලිය ජූලි මාසයේ දී පැවැත්වීමට මේ වන විට සැලසුම් සකස් කර ඇත.

සකීබ් අල් හසන්, බබාර් අසාම්, කුවින්ටින් ඩි‘කොක්, ලොකී ෆර්ගසන්, ජේසන් හෝල්ඩර්, ටමීම් ඉක්බාල්, ඩේවිඩ් වෝනර්, නිකලස් පූරන්, කරන් පොලාර්ඩ් සහ කගිසෝ රබාඩා ඇතුළු ක්‍රීඩකයින් 10 දෙනෙකු ඉහළම වටිනාමක් සහිත (පවුම් 100,000) ක්‍රීඩකයින්ගේ කාණ්ඩයට අයත්වේ.

දෙවැනි ඉහළම වටිනාකමකින් යුත් ක්‍රීඩක කාණ්ඩයට (පවුම් 80,000) සහිඩ් අෆ්රිඩි, ෆෆ් ඩු ප්ලෙසිස්, මොයිසස් හෙන්රික්ස්, ශිම්රන් හෙට්මයර්, මිචෙල් මාෂ්, ජොෂ් පිලිප්, ජේ රිචර්ඩ්සන් සහ ඉම්රාන් තහීර් යන ක්‍රීඩකයින් 8 දෙනෙකු අයත් වේ.

පවුම් 48,000 ක වටිනාකමකින් යුත් ක්‍රීඩක කාණ්ඩයට හසන් අලී, ෆේබියන් ඇලන්, ඩ්වේන් බ්‍රාවෝ, ඇලෙක්ස් කේරී, එවින් ලුවිස්, ඩේවිඩ් මිලර්, ඇන්ඩ්ල් පෙලුක්වායෝ, මිචෙල් සැන්ටර් සහ ටිම් සෝති යන ක්‍රීඩකයින් 9 දෙනෙකු ඇතුළත් වූහ.

ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, තිසර පෙරේරා සහ ඉසුරු උදාන ඇතුළු ක්‍රීඩකයින් 23 දෙනෙකු පවුම් 40,000 ක වටිනාකමකින් යුත් ක්‍රීඩක කාණ්ඩයට අයත් වන අතර පවුම් 32,000 ක වටිනාකමකින් යුත් ක්‍රීඩක කාණ්ඩයට තික්ෂිල ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය ඇතුළු ක්‍රීඩකයින් 13 දෙනෙකු අයත්වේ.

වටිනාමක් ප්‍රකාශයට පත් කර නොමැති කාණ්ඩය යටතට වනිදු හසරංග, අකිල ධනංජය, අවිශ්ක ප්‍රනාන්දු, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක, ළහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, දසුන් ශානක, ළහිරු තිරිමාන්න, තිලාන් වලල්ලාවිට යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 11 දෙනෙකු අයත් වෙති.


- 2079

 


අදහස් (0)

පන්දු 100 ක්‍රිකට් වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 18 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.