Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්ජාබ් ක්‍රීඩකයෝ බලාපොරොත්තු රඳවා ගනිති
අයි.පී.එල්.- 2022

පන්ජාබ් ක්‍රීඩකයෝ බලාපොරොත්තු රඳවා ගනිති

editorial - 2022 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 60 වැනි තරගය ලෙස රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී අද (13 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 54 ක ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී පන්ජාබ් ක්‍රීඩකයෝ ලැබූ 6 වැනි ජයග්‍රහණය මෙය වූ අතර එම ජයත් සමග ලකුණු සටහනේ ස්ථාන 2 ක්  ඉදිරියට එමින් තවදුරටත් අවසන් වටය කෙරෙහි බලාපොරොත්තු රඳවා ගැනීමටද ඔවුහු සමත් වූහ.

ජයග්‍රහණයය සඳහා ලකුණු 210 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් කණ්ඩායමට කගිසෝ රබාඩා ප්‍රමුඛ පන්ජාබ් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු  යැවීම හමුවේ ඕවර 20 අවසන් වට විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 155 ක් පමණි. සිය ඕවර 4 ලකුණු 21 කට සීමා කළ රබාඩා කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූ අතර බැංගලෝර් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහර කිරීම සඳහා අනගි සහායක් දුන් රිෂි ධවාන් සහ රාහුල් චාහර් කඩුලු 2 බැගින් බිඳහෙළූහ.

බැංගලෝර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 35 ක් රැස්කළේය. හිටපු නායක විරාට් කෝලි පන්දු 14 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක්ද, රජත් පටීදාර් පන්දු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 26 ක්ද රැස්කළ නමුත් බැංගලෝර් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් එම දස්කම් ප්‍රමාණයත් නොවීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම ඕවර 20 අවසනයේ කඩුලු 9 ක් දැවී ලකුණු 209 ක් ලබාගත් අතර සිය කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් ජොනී බෙයාස්ටෝ පන්දු 29 කදී ලකුණු 66 ක් රැස්කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. ශිකර් ධවාන් (21) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 30 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බෙයාස්ටෝ සමත් විය.

පන්ජාබ් ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ ලයෑම් ලිවිංග්ස්ටන් පන්දු 42 කදී හයේ පහර4 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 70 ක් රැස්කළේය. මින් පෙර බැංගල‍ෝර් කණ්ඩායමට ‍එරෙහිව පැවැති තරගයේදී වනිඳු හසරංගට එළව එළවා පහරදුන් භානුක රාජපක්ෂට මෙම තරගයේදී වනිඳු හමුවේ දැවී යන විට පන්දු 3 කින් ලබාගත හැකිව තිබ‍ුණේ එක් ලකුණක් පමණි.

මෙම තරගයේදී බැංගලෝර් පන්දු යවන්නන් සියලු දෙවාම පාහේ පන්ජාබ් පිතිකරුවන්ගේ පහරකෑමට ලක්වෙද්දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිඳු සිය ඕවර 4 ලකුණු 15 කට සීමා කරමින් කඩුලු 2 ක් දවාගත්තේය. එම කඩුලු 2 ත් සමග තරග 13 කදී කඩුලු 23 ක් දවාගනිමින් මෙවර තරගාවලි‍යේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමටද වනිඳු සමත් විය. ඒ අනුව බැංගලෝර් කණ්ඩායම ක්‍රීඩා කරන මීළඟ තරගයේදී ඔහු දම් පැහැති හිස් වැසුම පැළඳ තරග වැදීමට නියමිතය.

 
පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 209

(ජොනී බෙයාස්ටෝ 66, ශිකර් ධවාන් 21, ලයෑම් ලිවිංග්ස්ටන් 70, මායන්ක් අගර්වාල් 19, හර්ෂාල් පටේල් 34/4, වනිඳු හසරංග 15/2)

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 155
(විරාට් කෝලි 20, රාජත් පටීදාර් 21, ග්ලේන් මැක්ස්වෙල් 36,
කගිසෝ රබාඩා 21/3, රිෂි ධවාන් 36/2, රාහුල් චාහර් 37/2)

-036

 


අදහස් (0)

පන්ජාබ් ක්‍රීඩකයෝ බලාපොරොත්තු රඳවා ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.