Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පතෙල් වෙනුවට ඨාකූර් එයි

පතෙල් වෙනුවට ඨාකූර් එයි

editorial - 2021 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය සංචිතයේ එක් වෙනස් කමක් කිරිමට ඉන්දියාව පියවර ගෙන තිබේ.  අතර වමතින් දඟපන්දු යවන ක‍්‍රීඩක අක්සාර් පටෙල් වෙනුවට තුන් ඉරියව් ක‍්‍රීඩක ශර්දුල් ඨාකූර් එම ස්ථානයට කැඳවා ඇත.

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් සඳහා අවසන් සංචිතය නම් කිරීමට මේ මස 10 වැනිදා දක්වා අවස්ථාව ලබාදුන් අතර සුපිරි කණ්ඩායම් 12 අතර පැවැත්වෙන තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් සඳහා අවසන් සංචිතය නම් කිරීමට මේ මස 15 වැනිදා දක්වා අවස්ථාව ලබාදී ඇත.

ඒ අනුව තුන් ඉරියව් ක‍්‍රීඩකයා වන අක්සාර් පටෙල් ලෝක කුසලාන විස්සයි20 තරගාවලියට නම්කර ඇති ඉන්දීය සංචිතයේ අතිරේක ක‍්‍රීඩක ලැයිස්තුවට එක්වූ අතර ශ‍්‍රියාස් අයියර් සහ දීපක් චාහර් ද ඊට අයත් වේ.

ආබාධ තත්වයක් හේතුවෙන් මෙම වෙසන් කිරීම සිදුනොවූ අතර සමස්ත ඉන්දීය තේරීම් කමිටුව සහ කණ්ඩායම් කළමනාකාරිත්වය අතර පැවති දීර්ඝ සාකච්ඡුාවකින් පසුව මෙම සංශෝධනය සිදුකර ඇත.

හර්දික් පාණ්ඩ්‍යා තවමත් පන්දු යැවීම ආරම්භ නොකිරීම හේතුවෙන් ඇතිවූ අවිනිශ්චිත භාවය තුල ඨාකූර් කණ්ඩායමට එක් කිරීමට හේතුවී ඇත.

මේ වසර මුලදී අහමදාබාද්හිදී එංගලන්තයට එරෙහිව පැවති විස්සයි20 තරඟාවලියේ අවසන් තරඟයට ක‍්‍රීඩා කළ ඨාකූර්, කෙටි ආකෘතිය සඳහා මේ වනවිට ඉන්දියාවේ සිටින තුන් ඉරියව් ක‍්‍රීඩකයන් අතර එක් විකල්පයක් බව ඔප්පු කර ඇත. පසුගිය මාසයේදී  ඕවල්හිදී පැවැති ටෙස්ට් තරඟයේදී ඔහු ලබාගත් අර්ධ ශතකය ඉන්දියාවේ අවසන් දින ජයග‍්‍රහණයට උපකාරී විය.

මෙවර අයි.පී.එල් තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමේදී තාකූර් කේන්ද්‍රීය චරිතයක් වී ඇති අතර තරග 15 කදී කඩුලූ 18 ක් ලබා ගැනීමට සමත්වී ඇත. පිත්තෙන් දස්කම් දැක්වීමට වැඩි අවස්ථාවක් හිමිවී නොමැත.

 

ඉන්දීය සංචිතය
විරාට් කෝලි (නායක), රෝහිත් ෂර්මා (උපනායක), ලෝකේෂ් රාහුල්, සූර්යකුමාර් යාදව්, රිෂාබ් පන්ට්, ඉෂාන් කිෂාන්, හර්දික් පාණ්ඩ්‍ය, රවීන්ද්‍ර ජඬේජා, රාහුල් චාහර්, රවිචන්ද්‍රන් අශ්වින්, ශර්දුල් ඨාකූර්, වරුන් චක‍්‍රවර්ති , ජස්ප‍්‍රිට් බුම්රා, බුවනේෂ්වර් කුමාර්, මොහොමඞ් ෂාමී.

- 2079


අදහස් (0)

පතෙල් වෙනුවට ඨාකූර් එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.