Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිල් මහ සටනට අවසර ඉල්ලයි

නිල් මහ සටනට අවසර ඉල්ලයි

editorial - 2021 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


(නාමල් පතිරගේ)

කොළඹ රාජකීය විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර මෙම වසරේදී පැවැත්වීමට සූදානම් කර තිබෙන 142 වෙනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය පැවැත්වීමට අවසර ඉල්ලා විදුහල් බලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශය හා ක්‍රීඩා අමාත්‍යාංශයට ලිපි යොමු කර ඇතැයි වාර්තා වේ.

ඒ සඳහා අවසරය ලැබෙන්නේ නම්, කොවිඩ් නිවාරණ නීති රීති යටතේ, සැප්තැම්බර් මස 9, 10, 11 යන දිනවල සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී 142 වෙනි ‘නිල් මහ සටන’ මහා තරගය පැවැත්වීමට මේ වනවිට සැලසුම් කර තිබේ. එම තරගය පසුගිය මැයි 6, 7, 8 යන දිනවල නරඹන්නන්ගෙන් තොරව සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් කර තිබුණද කොවිඩ් වසංගතය පැතිරීම වේගවත් වීම හේතුවෙන් එය අත්හිටුවීමට තරග සංවිධායකයන්ට සිදු විය.

වර්ෂ 1880 දී ආරම්භ වූ ‘නිල් මහ සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය ලෝකයේ පැරණිම පාසල් ක්‍රිකට් තරගය ලෙස ලෝක ක්‍රිකට් වාර්තා පොතට එක්ව තිබේ.  කෙසේ වුවත් වසර 2020 මාර්තු මාසයේදී දේශීය වශයෙන් වසංගතයක් ලෙස කොවිඩ් රෝගය ඉස්මතුවීමට පෙර එම වසරට නියමිතව තිබූ 141 වෙනි ‘නිල් මහ සටන’ පවත්වා අවසන් කිරීමට තරග සංවිධායකයෝ සමත් වූහ.

මෙම වසරට නියමිත තරගයේ පූර්ව සංවිධාන කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් දෙවිදුහලේ විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පසුගියදා පැවැත්විණි.

 


අදහස් (1)

නිල් මහ සටනට අවසර ඉල්ලයි
  • විජේ Tuesday, 27 July 2021 09:06 AM

    බලපුලුවන්කාරයින්ගේ අභිමානය හා විනෝදාස්වාදය උදෙසා අසරණ මිනිස්සුන්ගේ ජීවිත උගසට තැබූ "නිල් මහා සටන". මේ වසරේත් ඒ අත්තනෝමතික තීරනයම ගනිමු...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.