Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දහයයි-10 තරගාවලිය ජූලි මාසයේදී

දහයයි-10 තරගාවලිය ජූලි මාසයේදී

editorial - 2022 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ලංකා දහයයි-10 ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ (2023) ජූලි මාසයේදී පැවැත්වීමට සැලසුම්කර තිබේ. පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන්ම මෙම තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන අතර ලොව එවන් තරගාවලියක් පැත්වෙන පළමු අවස්ථාවද මෙය වනු ඇත. 

එහිදී පිරිමි තරගාවලිය සඳහා කණ්ඩායම් 6 ක්ද, කාන්තා තරගාවලිය සඳහා කණ්ඩායම් 4 ක්ද ඇතුළත් කරගැනීමට නියමිත අතර සෑම කණ්ඩායමකටම දේශීය ක්‍රීඩකයන් 10 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයන් 6 දෙනකු බැගින් ඇතුළත් කර ගැනීමටද නියමිතය. 

ලබන වසරෙන් පසුව එළබෙන සෑම වසරකදීම අගෝස්තු මාසයේදී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලිය පැවැත්වීමටත්, ඉන් අනතුරුව දෙසැම්බර් මාසයේදී ලංකා දහයයි-10 තරගාවලිය පැවැත්වීමටත් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීහු කියා සිටියේය. 

දහයයි-10 තරගාවලිය එළිදැක්වීම සඳහා ඊයේ (20 වැනිදා) කොළඹ සිනමන් ලේක් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඒ බව සඳහන් කළ අතර එම අවස්ථාවට ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, දහයයි-10 ග්ලෝබල් ස්පෝට්ස්හි සභාපති සාජි උල් මලික් සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව් ඛන්නා යන මහත්වරු සහභාගි වූහ. 

-036


අදහස් (0)

දහයයි-10 තරගාවලිය ජූලි මාසයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.