Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දුෂාන් - ඉසුරු මෝඩ් ඉංජිනියර්ස් පිලට ජය ගෙනෙති

දුෂාන් - ඉසුරු මෝඩ් ඉංජිනියර්ස් පිලට ජය ගෙනෙති

editorial - 2022 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

සම්පත් බැංකුව සහ මෝඩ් ඉංජිනියර්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති වෙළඳසේවා සුපර් ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරගයකදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 2 ක තියුණු ජයක් හිමිකර ගැනීමට මෝඩ් ඉංජිනියර්ස් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ඕවර 28 කදී ලකුණු 185 ක ඉලක්කයක් හඹාගිය මෝඩ් ඉංජිනියර්ස් පිල අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කරන විට ඕවර 26 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 170 ක් ලබා සිටියේය. නමුත් ඒ අවස්ථාව වනවිට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව රැස්කර ගැනීමට අවශ්‍යාව තිබුණේ ලකුණු 168 ක් පමණි.

ලකුණු 114 කට කඩුලු 6 ක් දැවී දැඩි අසීරූ අඩියක සිටි මෝඩ් ඉංජිනියර්ස් පිල ජයග්‍රහනය කරා රැගෙන යාමට දුෂාන් හේමන්ත සහ ඉසුරු උදාන සමත්වූහ. දුෂාන් හේමන්ත පන්දු 25 කදී හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 36 ක් සහ ඉසුරු උදාන පන්දු 21 කදී හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 25 ක් ලබාගැනීමට සමතවූහ.

ඩිලාන් ජයලත් පන්දු 47 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 55 ක් ද, සසිඳු නානායක්කාර සහ සම්මු අෂාන් ලකුණු 20 බැගින් ද රැස්කරමින් මෝඩ් ඉංජිනියර්ස් පිලේ ජයග්‍රහණයට දායක වූහ.

කාසියේ වාසිය දිනාගත් මෝඩ් ඉංජිනියර්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සම්පත් බැංකු පිල නියමිත ඕවර 28 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 184 ක් ලබාගැනීමට සමත්විය. තරග ආරම්භය පමාවීම හේතුවෙන් තරගයේ එක් ඉනිමක් ඕවර 28 කට සීමා විය.
සහන් ආරච්චිගේ ලකුණු 45 ක් සහ හසන්ත ප්‍රනාන්දු ලකුණු 47 ක් ලබාගනිමින් සම්පත් බැංකු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.

ඉසුරු උදාන කඩුලු 3 ක් ද, අයන සිරිවර්ධන සහ මිලාන් ප්‍රියනාත් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


සම්පත් බැංකුව - ඕවර 28 කදී කඩුලු 9 ක් දැවී 184
(සහන් ආරච්චිගේ 45, හසන්ත ප්‍රනාන්දු 47, ශිරාන් ප්‍රනාන්දු 28, ඉසුරු උදාන 29/3, අයන සිරිවර්ධන 20/2, මිලාන් ප්‍රියනාත් 29/2)

මෝඩ් ඉංජිනියර්ස් - ඕවර 26 කදී කඩුලු 6 ක් දැවී 170
(සසිඳු නානායක්කාර 20, ඩිලාන් ජයලත් 55, සම්මු අෂාන් 20, දුෂාන් හේමන්ත නොදැවී 36, ඉසුරු උදාන නොදැවී 25, ශිරාන් ප්‍රනාන්දු 20/2)

 


අදහස් (0)

දුෂාන් - ඉසුරු මෝඩ් ඉංජිනියර්ස් පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.