Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිල්ලි කැපිටල්ස් මුදුනටම නැගගනී

දිල්ලි කැපිටල්ස් මුදුනටම නැගගනී

editorial - 2021 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන වරට මුහුණ දුන් තරග 5 කදී තුන්වැනි පරාජයත් පංන්ජාබ් කිංග්ස් පිලට උරුම කර දුන් දිල්ලි කැපිටල්ස් ක්‍රීඩකයෝ ඉරිදා (02 වැනිදා) රාත්‍රියේදී පැවැති තරගයේදී ලබාගත් ජයත් සමගින් අයි.පී.එල්. ප්‍රසාද ලකුණු පුවරුවේ මුදුනටම නැග ගත්හ. මේ වන විට තරගාවලියේ තරග 29 ක් අවසන් වී තිබේ. 


පසුගිය වසරේ අනුශූරයන් වූ දිල්ලි කණ්ඩායම තරග 8 කින් 6 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 12 ක් ලබා සිටී. මෙම අවස්ථාවේදී ඔවුන් චෙන්නායි පිලට වඩා ලකුණු 2 ක් ඉදිරියෙන් සිටින්නේ චෙන්නායි කණ්ඩායමට වඩා තරගයක් වැඩියෙන් ක්‍රීඩා කරමිනි. 


ඉරිදා තරගයේදී සිය මංගල විස්සයි-20 ශතකය ලබාගත් ජොස් බට්ලර්ගේ පිතිහරඹය නිසා වෙනස්කම් රැසක් සහිතව පැමිණියද සන්රයිසස් පිලට පරාජයම පිළිගන්නට සිදුවිය. 

වසර 2016 දී ඩේවිඩ් වෝනර්ගේ නායකත්වය යටතේ අයි.පී.එල්. කුෂලාන හිමිකරගත් සන්රයිසස් පිල මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ අඩියටම වැටී සිටී. 

- 213
---------------------
ඡායාරූපය : අයි.පී.එල්. නිල වෙබ් අඩවියෙනි
-------------------------


අදහස් (0)

දිල්ලි කැපිටල්ස් මුදුනටම නැගගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.