Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දසිස් - රුමිරු රාජකීය විදුහල ඔසවා තබති

දසිස් - රුමිරු රාජකීය විදුහල ඔසවා තබති

editorial - 2023 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 144 වැනි වරට පැවැත්වෙන ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (16 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි රාජකීය විදුහල කඩුලු 8 ක් දැවී ලකුණු 326 ක් ලබා ප්‍රභල තත්වයක පසුවිය. 

කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී රාජකීය විදුහල වෙනුවෙන් නායක දසිස් මංචනායක (137) සහ රුමිරු පෙරේරා (128) ශතක ලබාගත් අතර රාජකීය ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 229 ක විශිෂ්ඨ සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ. 

පන්දු 150 කදී ලබාගත් දසිස්ගේ වේගවත් ශතකයට හතරේ පහර 17 ක් ඇතුළත් වූ අතර පන්දු 186 කට මුහුණදුන් රුමිරු හයේ පහර 2 කින් සහ හතරේ පහර 15 කින් සිය ශතකය සැරසුවේය. අකාෂ් ප්‍රනාන්දු ලකුණු 55 කට කඩුලු 4 ක්ද, කවිඳු ඩයස් ලකුණු 58 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 74 කදී කඩුලු 8 කට 326 
(ඔවින අඹන්පොල 30, දසිස් මංචනායක 137, රුමිරු පෙරේරා 128, ආකාෂ් ප්‍රනාන්දු 55/4, කවිඳු ඩයස් 58/3) 

 


අදහස් (0)

දසිස් - රුමිරු රාජකීය විදුහල ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.