Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ද්‍රවිඩ සංගමය එක්දින ශූරතාව දිනාගනී
අන්තර් සමාජ කි‍්‍රකට්

ද්‍රවිඩ සංගමය එක්දින ශූරතාව දිනාගනී

editorial - 2021 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ජෙෆ්රි වැන්ඩසේ (27/5) ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂතාවය හේතුවෙන් අන්තර් සමාජ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ද්‍රවිඩ සංගම් පිල සමත්විය. පී.සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී රාගම පිලට එරෙහිව ලකුණු 36 ක ජයක් ලබාගැනීමට ද්‍රවිඩ සංගම් පිලට හැකිවිය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 182ක ඉලක්කයක් හඹාගිය රාගම පිලට ඕවර 32.4කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 145 ක් පමණි. සමින්ද ප‍්‍රනාන්දු (38), ඉෂාන් ජයරත්න (26), නිශාන් මදුෂ්ක (23) සහ ජානක සම්පත් (20) ලබාගත්තද රාගම පිල පරාජයෙන් ගලවා ගැනීමට ඔවුන්ට නොහැකි විය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වු ජෙෆ්රි වැන්ඩසේ නිලකුණු  ඕවරයක්ද සමගින්  ඕවර 7.4 ක් යවමින් ලකුණු 27 කට කඩුලූ 5 ක් දවාගනිමින් ද්‍රවිඩ සංගම් පිලට ශූරතාව දිනා දිමට සමත්විය. දිලූම් සුධීර සහ ප‍්‍රමෝද් මදුශාන් කඩුලූ 2 බැගින් දවාගනිමින් වැන්ඩසේට අනගි සහයක් දුන්හ.

කාසියේ වාසිය දිනාගත් රාගම පිල පළමුව පන්දුවට පහරදීම සඳහා ද්‍රවිඩ සංගම් පිලට ආරාධනා කළ අතර  ඕවර 50 අවසානයේ ඔවුන්ට කඩුලූ 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 181 ක් පමණි.

සංතුෂ් ගුණතිලක පන්දු 76 කදි හතරේ පහර 5 ක් සමගින් ලකුණු 47 ක් රැුස්කරමින් ද්‍රවිඩ සංගම් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. ඊට අමතරව සුපුන් කාවින්ද පන්දු 73 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 72 ක් රැස්කළ අතර සධීර සමරවික‍්‍රම පන්දු 45 කදි හතරේ පහර 3 ක් සමගින් ලකුණු 34 ක් ලබාගත්තේය.

මුල් පෙළ පිතිකරුවන් මන්දගාමී පිතිහරඹයක නිරතවීම නිසාත් පසුපෙළ පිතිකරුවන් අසාර්ථකවීම නිසාත් නියමිත  ඕවර සංඛ්‍යාව අවසානයේ ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ද්‍රවිඩ සංගම් පිල අපොහොසත් විය. එහෙත් ජෙෆ්රි වැන්ඩසේගේ පන්දු යැවීම ලකුණු 181 ආරක්‍ෂා කරගැනීමට ප‍්‍රමාණවත් විය.


ද්‍රවිඩ සංගමය -  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 181
(සුපුන් කාවින්ද 42, සධීර සමරවික‍්‍රම 34, සංතුෂ් ගුණතිලක 47, කල්හාර සේනාරත්න 22/2, ඉෂාන් ජයරත්න 27/2, ජානක සම්පත් 29/2, නිපුන් මාලිංග 36/2)
රාගම -  ඕවර 32.4 කදී සියලූදෙනා දැවී 145
(නිශාන් මදුෂ්ක 23, සමින්ද ප‍්‍රනාන්දු 38, ඉෂාන් ජයරත්න 26, ජානක සම්පත් 20, ජෙෆ්රි වැන්ඩසේ 27/5, දිලූම් සුධීර 28/2, ප‍්‍රමෝද් මදුශාන් 45/2)

 


අදහස් (0)

ද්‍රවිඩ සංගමය එක්දින ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.