Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දනුජගෙන් නායකත්වයේ ඉනිමක්

දනුජගෙන් නායකත්වයේ ඉනිමක්

editorial - 2023 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 118 වැනි ‘ආදරවන්තයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (17 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි රිච්මන්ඩ් විදුහල කඩුල්ලක් දැවී ලකුණු 24 ක් ලබා සිටියේය. 

ඒ අනුව පළමු දිනය අවසානයේ රිච්මන්ඩ් විදුහල තවත් කඩුලු 9 ක් අතැතිව මහින්ද විදුහලට වඩා ලකුණු 292 ක් පසුපසින් සිටියේය. හෙට (18 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.
 
පළමුවෙන් පන්දුවට පහරදුන් මහින්ද විදුහල, පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 316 ක් ලබා ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා රිච්මන්ඩ් විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ දනුජ ඉඳුවර (101) අගනා ශතකයක් ලබාගත් අතර දිනුර කළුපහණ (75) අර්ධ ශතකයක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
 
මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 73.5 කදී කඩුලු 8 ක් දැවී 316 
(දනුජ ඉඳුවර 101, දිනුර කළුපහණ 75, ප්‍රමේෂ් මදුභාෂණ 38, හිරුන මන්දිල 30, චන්දූප ද සිල්වා නොදැවී 20, තරින්ද නිර්මාල් 78/3, මල්ෂ තරුපති 78/2) 

රිච්මන්ඩ් විදුහල් පළමු ඉනිම - ඕවර 7 කදී කඩුල්ලක් දැවී 24  


අදහස් (0)

දනුජගෙන් නායකත්වයේ ඉනිමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.