Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තිසර පෙරේරා අන්තර්ජාතික පිටියෙන් සමුගනී

තිසර පෙරේරා අන්තර්ජාතික පිටියෙන් සමුගනී

editorial - 2021 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

 


(දමින්ද විජේසූරිය)

 

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ මෙන්ම විස්සයි-20 කණ්ඩායමේත් හිටපු නායයකු වන තිසර පෙරේරා සියලුම ආකාරයේ අන්තර්ජාතික ක්‍රිකට් තරග වලින් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී තිසර පෙරේරා තමන්ගේ අදහස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් සනාථ කළේය. 


කෙසේ වෙතත් තමන් තවදුරටත් පෞද්ගලික කණ්ඩායම් වෙනුවෙන් විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ රැඳී සිටින බව තිසර සිය සමීපතමයන් හා පවසා තිබේ. 


මේ මස මැදදී ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ සංචාරය සහ ඉන් පසුව පැවැත්වෙන එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනකුටම ස්ථාන අහිමි විය හැකි බව සන්ඩේ ටයිම්ස් පුවත්පත ඊයේ (2 වැනිදා) වාර්තා කළේය. ස්ථාන අහිමි විය හැකිව තිබූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අතර තිසර පෙරේරා මෙන්ම ඇන්ජලෝ මැතිව්ස් ද සිටිති. 


තවත් දෙසතියකින් පමණ බංග්ලාදේශයේදී පැවැත්වෙන එක්දින තරගාවලියකට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ජූනි මාසයේදී එංගලන්තය බලා පිටත්ව යනු ඇත. ඒ එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහාය. 

 


අදහස් (2)

තිසර පෙරේරා අන්තර්ජාතික පිටියෙන් සමුගනී
  • amda Monday, 03 May 2021 12:26 PM

    ලොකු දෙයක්...

    Reply 0       0

    Saman Tuesday, 04 May 2021 07:27 PM

    එ්ක නරකක් කියන්න බැහැ... කොහොම වුණත් ඇන්ජලෝගේ කාලේ ඉවරයි.. අයින් කරන්න කලින් ඉවත් වුණොත් අැන්ජලෝට අනාගතයක් තියේවි.. නැතිනම් පට්ට චාටෙර් වෙන්නේ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.