Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ට‍්‍රැවිස් හෙඩ් ඕස්ටේ‍්‍රලියාව ගොඩගනී
අළු බඳුන

ට‍්‍රැවිස් හෙඩ් ඕස්ටේ‍්‍රලියාව ගොඩගනී

editorial - 2022 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

තරගාවලිය ජයගෙන සිටින නමුත්  ඕස්ටේ‍්‍රලියානුවන්ගේ හදිසි කඩාවැටීමට සවිමත් මුක්කුවක් ගැසූ ට‍්‍රැවිස් හෙඞ් සහ කැමරන් ගී‍්‍රන් දෙදෙනා පස්වැනි අළු බඳුන ටෙස්ට් තරගයේදීත් සත්කාරකයන්ගේ ආධිපත්‍යය ආරක්‍ෂා කරගත්හ. හොබාර්ට්හි බෙලරිව්  ඕවල් පිටියේදී පැවැත්වෙන මෙම දිවා/රාතී‍්‍ර තරගයේ පළමු දිනය වන අද (14 වැනිදා) වර්ෂාව නිසා කී‍්‍රඩාව නතර කරන විට  ඕස්ටේ‍්‍රලියානුවෝ කඩුලූ 6 ක් දැවී ලකුණු 241 ක් ලබා සිටියහ.

වේග පන්දු යවන්නන් පමණක් කණ්ඩායමට කැඳවමින් තරගයට පිවිසි එංගලන්තය වැසිබර අහසක් තිබියදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.

පන්දු 22 ක් පුරා එහාට මෙහාට වෙමින් සිටි නමුත් ඬේවිඞ් වෝනර් ලකුණු නොලබාම දැවී ගියේය. මානස් ලැබුෂේන් ලකුණු ලබාගැනීමට පෙර දුන් උඩපන්දුවක් සැක් ක්‍රෝලි වෙතින් ගිළිහී ගිය අතර කලින් පැවැති තරගයේදී ශතක දෙකක්ම ලබාගත් උස්මන් කවාජා ලකුණු 6 කට දැවී ගියේත්, ස්ටීවන් ස්මිත් ලකුණු නොලබා දැවී ගියේත්  ඕස්ටේ‍්‍රලියානුවන්ගේ දෑස් විසල් කරමිනි.

ඒ සමගින් ලකුණු 12 ක් සටහන් ව තිබූ  ඕස්ටේ‍්‍රලියානු ලකුණු පුවරුවේ කඩුලූ 3 ක් දිස්විය.

එහෙත් මානස් ලැබුෂේන් (44) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක් එකතු කළ ට‍්‍රැවිස් හෙඞ්, පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක් එක් කිරීමට කැමරන් ගී‍්‍රන් සම්මාදම් කරගත්තේය. ට‍්‍රැවිස් හෙඞ්  ලකුණු 204 දී දැවී යන විට  ඕස්ටේ‍්‍රලියානුවෝ හිස් ඔසවාගෙන සිටියහ.

පන්දු 112 කින් සිය ශතකය සම්පූර්ණ කළ ට‍්‍රැවිස් හෙඞ්, ඊළඟ පන්දුවේදී දැවී යන විට පන්දු 12 ක් හතරේ සීමාවට යවා තිබිණ.

 

ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම කඩුලූ 6 ට 241 යි
(මානස් ලැබුෂේන් 44, ට‍්‍රැවිස් හෙඞ් 101, කැමරන් ගී‍්‍රන් 74, ඇලෙක්ස් කේරි නොදැවී 10, ස්ටුවර්ට් බ්‍රෝඞ් 48/2, ඔලී රොබින්සන් 24/2)


- 213

 


අදහස් (0)

ට‍්‍රැවිස් හෙඩ් ඕස්ටේ‍්‍රලියාව ගොඩගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.