Last Update  :  2024-03-28 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චෙන්නායි පිල අයි.පී.එල්. තරගාවලියෙන් ඉවතට
අයි.පී.එල්. - 2022

චෙන්නායි පිල අයි.පී.එල්. තරගාවලියෙන් ඉවතට

editorial - 2022 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩැනියෙල් සෑම් (16/3) ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂතාව හේතුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව මුම්බායිහිදී අද (12 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 59 වැනි තරගය කඩුලු 5 කින් ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත් විය. ඒ අනුව අවසන් වටය සඳහා සුදුසුකම් නොලඹා කලින්ම ඉවත් වූ දෙවැනි කණ්ඩායම බවට චෙන්නායි පිල බවට පත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 98 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 14.5 කදී කඩුලු 5 ක් දැවී පහසුවෙන් ඉලක්කය පසුකර යෑමට සමත්විය.

තිලක් වර්මා පන්දු 32 කදී හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 34 ක් සහ ටිම් ඩේවිඩ් පන්දු 7 කදී හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 16 ක් ලබාගනිමින් මුම්බායි පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

මුකේෂ් චෞද්‍රී සිය ඕවර 4 ලකුණු 23 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගත්තද චෙන්නායි පිල පරාජයෙන් ගලවා ගැනීමට අපොහොසත් විය. මහීෂ් තීක්ෂණ ඕවර 3 කදී ලකුණු 24 ක් ලබාදුන්නද කඩුල්ලක් දවාගැනීමට අවස්ථාවක් හිමිනොවීය.

කාසියේ වාසිය දිනාගත් මුම්බායි ඉන්දියන්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි පිලට ඕවර 16 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 97 ක් පමණි.

නායක මහේන්ද්‍ර සිං දෝනි හුදකලා සටනක නිරත වෙමින් පන්දු 33 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 36 ක් ලබාගත්තද සෙසු පිතිකරුවන්ගේ දුර්වලතාව හේතුවෙන් චෙන්නායි පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා විය.

සිය ඕවර 4 ලකුණු 16 කට සීමා කළ ඩැනියෙල් සෑම් කඩුලු 3 ක් ද, කුමාර් කාර්තිකෙයා සහ රිලේ මැරෙඩිත් කඩුලු 2 ක බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

තරගයේ වීරයාට හිමි සම්මානය ඩැනියෙල් සෑම් විසින් දිනාගන්නා ලදී.

 

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 16 කදී සියලුදෙනා දැවී 97
(මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 36, ඩැනියෙල් සෑම් 16/3, කුමාර් කාර්තිකෙයා 22/2, රිලේ මැරෙඩිත් 27/2)

මුම්බායි ඉන්දියන්ස් - ඕවර 14.5 කදී කඩුලු 5 ක් දැවී 103

(තිලක් වර්මා නොදැවී 34, මුකේෂ් චෞද්‍රී  23/3)


අදහස් (0)

චෙන්නායි පිල අයි.පී.එල්. තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.